එ ක්සත් ජාතික පක්‍ෂයෙන් කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය වනු ඇතැයි දිවය...
එක්සත් ජාතික පක්‍ෂයෙන් කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය සිසිර පින්නවල මහතා පැවසීය.
පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග කරන විට එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළහොත් ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට පත්වනු ඇතැයි අනාවරණය වූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු ආචාර්ය කණ්ඩායමක් විසින් ඡන්දදායකන් දිවයිනේ කලාප 08කට බෙදා මෙම සමීක්‍ෂණය පැවැත්වූ බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සාපේක්‍ෂව කරු ජයසූරිය මහතා ඉන් කලාප 07කින්ද, සජිත් ප්‍රේමදාස මහතා කලාප 04කින්ද ඉදිරියෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව කොළඹ මහනගර බලප්‍රදේශය, හෝමාගම, පන්නිපිටිය, මහරගම, කෝට්ටේ ඇතුළත් වෘත්තීය කලාපය, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල ඇතුළු අර්ධ නාගරික බලප්‍රදේශය, දකුණු හා වයඹ, උතුරුමැද පළාත් හා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත් ග්‍රාමීය බෞද්ධ කොට්ඨාසය, මොනරාගල, හම්බන්තොට හා වයඹ පළාතේ උතුරු කොටස ඇතුලත් ආර්ථික වශයෙන් පසුගාමී කලාපය, උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව බහුල ප්‍රදේශය, නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, රට අභ්‍යන්තරයේ මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශය, ක්‍රිස්තියානි ජනයා බහුල මුහුදුබඩ කලාපය මෙම සමීක්‍ෂණය සඳහා යොදාගත් බවද හෙතෙම පැවසීය.
රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිසිර පින්නවල මහතා මේ බව පවසා සිටියේය.
කොළඹ මහනගර බලප්‍රදේශය, දිවයිනේ අර්ධ නාගරික බලප්‍රදේශ, වතුකරය, උතුරු නැගෙනහිර මුස්ලිම් හා දෙමළ ප්‍රදේශ, දකුණේ ක්‍රිස්තියානි හා මුස්ලිම් බහුල ප්‍රදේශවලින් කරු ජයසූරිය මහතාට ජයග්‍රහණය කළ හැකි බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත, එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුරුන් වුවද එම පක්‍ෂයේ බෙදීමක් හටනොගනු ඇත, සුළු ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරනු ඇත යන උපකල්පන තුන පදනම් කරගෙන දත්ත විශ්ලේෂණය කර මෙම සමීක්‍ෂණය පැවැත්වූ බවද ඒ මහතා පැවසීය.
– ada

COMMENTS