දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2021දී ශ්‍රී ලංකාව හිගමනට වටෙයිද?
Homeප්‍රවෘත්ති

2021දී ශ්‍රී ලංකාව හිගමනට වටෙයිද?

PropellerAds

කො විඩ් වසංගතය හමුවේ ප්‍රබල රටවල පවා ආර්ථිකය අඩපණ වෙමින් පවතී. ලබන වසරේ බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇතැයි මේ වනවිට අනාවැකි පළ...

UN සාම හමුදාවක් ලංකාවට එවන්නැයි ඉල්ලයි.. R2P වේගයෙන් පෙරට
ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..
දලදා මාලිගාවට ශ‍්‍රී මහා බෝධියට පොලිස්-හමුදා ආරක්‍ෂාව තර කෙරේ !
කොවිඩ් වසංගතය හමුවේ ප්‍රබල රටවල පවා ආර්ථිකය අඩපණ වෙමින් පවතී. ලබන වසරේ බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇතැයි මේ වනවිට අනාවැකි පළවෙමින් පවතී. 2020ටත් වඩා 2021 වසර මේ ආකාරයෙන් බලද්දී අතිශයින් තීරණාත්මක වසරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද වන විට ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම මාර්ගය වන විදේශ ශ්‍රමිකයන් දස දහස් ගණනකට රැකියා අහිමි වී මෙරට ගුවන් තොටුපළ යළි සක්‍රීය වෙන තෙක් හූල්ලමින් සිටිති. මේ නිසා රටේ විදේශ විනිමය සංචිතවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

නමුත්, අවාසනාවකට මෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපගේ නායකයන් සියලු දෙනාම පාහේ තවමත් මේ  අභියෝගයට රටක් ලෙස සූදානම් විය යුතු යැයි සිතන බවක් පෙනෙන්ට නොමැත. එදාවේල දේශපාලනය පමණක් සිදු කරමින් 2021 අභියෝගයට මූණ දෙන්නේ කෙසේද ?, යන්න පිළිබඳව මෙතෙක් නිසි කතිකාවතක් ඇති වී නොමැත.

දැනට මෙම  අභියෝගයට මුහුණ දීමට ගත හැකි සරලම විසඳුම වන්නේ අපනයනය වැඩි දියුණු කොට ආනයනය අවම මට්ටමේ පවත්වා ගෙන යෑමයි. නමුත්,  අප රටක් ලෙස එම සරල විසඳුම හෝ ක්‍රියාත්මක කිරීමට සූදානම්ද ?

කොරෝනා රැල්ලේ එක් වින්දිතයෙකු වූ බ්‍රැන්ඩික්ස් ආයතනයට සහ ඒ සේවක සේවිකාවන්ට අපේ රටේ ජනතාව සහ ජනමාධ්‍ය එලවා එලවා පහර දුන්නේය. සිදුකරන ලද පරීක්ෂණ මගින් කොරෝනා රැල්ලේ ආරම්භය යුක්‍රේන ජාතික ගුවන් කාර්‍ය මණ්ඩලය සමග බැඳි ඇති බව හෙළිවී ඇති පසුබිමක පවා රටට සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මෙම ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නේ කවරෙක්ද ?. යන්න ඇතැමුන්  ඇති කළ පැනයකි. මෙසේ බ්‍රැන්ඩික්ස් ආයතනයට පහර දෙන පිරිස් අවසානයේ ලංකාවෙන් අපනයනය කරන්න බලාපොරොත්තු වන්නේ කොරෝනාද යන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

2018 වසර තුළදි ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයාගත් අපි, 2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 8 ක ඉලක්කයක් කරා යෑමට බලාපොරොත්තු වෙමු. මෙම ඉලක්ක කරා යෑමට නම් බ්‍රැන්ඩික්ස් වැනි ආයතන ශක්තිමත් කිරීමට මහජනතාවගේ මට්ටමෙන්ම ක්‍රියාදාමයක් දියත් විය යුතුය.

ඇඟළුම් ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාව රටක් ලෙස ඊ - ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කළ යුතුය. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා දුරස්ථ සේවා සැපයීම අරමුණ කරගත් බී.පී.ඕ වැනි සේවා ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු විය යුතුය. බලවත් රටවල ආර්ථික කඩා වැටීම්වල ප්‍රතිඵලය වන්නේ රට තුළ සිදු කරන දුරස්ථ සේවා වඩාත් ඵලදායීව සහ අඩු මිලට කරගැනීමට දියුණු වෙමින් පවතින  ආර්ථික හිමි රටවල් කරා යොමුවීමයි. එහිදී නිදහස් අධ්‍යාපනයෙන් සහ තාක්ෂණික සාක්ෂරතාවයෙන් ඉහළ මට්ටමක සිටින අපේ රටේ මානව සම්පත  සුවිශාල වැඩ කොටසක් කිරීමට නියමිතය.

මීට අමතරව අපේ ගොවි, ධීවර සහ පශු කර්මාන්ත  සිදුකරන ආකාරය රැඩිකල් මට්ටමේ වෙනස්කම්වලට භාජනය විය යුතුය. පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කන්න වැනි හුදු ගැලරිය පිනවන ප්‍රකාශ වලට පමණක් සීමා නොවී මහ පොළොවේ යථාර්තයක් කරගත හැකි සිහින දැකිය යුතුය.

මෙහිදි මැටි කර්මාන්ත ඇමතිවරයාගේ සේවය පැසසුමට ලක් විය යුතුය. සාමාන්‍යයෙන් මැටි වැඩ යනුවෙන් හඳුන්වන්නේ මෝඩ වැඩ ය. නමුත් මේ අවස්ථාවේ දුරදිග බලා වැඩකරන බවක් පෙනී යන්නේ මැටි අමාත්‍යවරයා පමණි. ඔහු ලෙසම අනෙකුත් ඇමතිවරුන්ද වැඩ කළ යුත්තේ ආනයනය අවම කිරීමේ සහ අපනයනය ඉහළ දැමීමේ ක්‍රියාවලියටය. එසේ නොමැති වුවහොත් 2021 වසරේදි ශ්‍රී ලංකාවට හිඟාකෑමට වනු නොඅනුමානය. ඊටත් වඩා ගැටලුව වනු ඇත්තේ හිඟා කන අපට හිඟමන් දීමට පවා කිසිවෙක් ඉතිරි නොවීමයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2021දී ශ්‍රී ලංකාව හිගමනට වටෙයිද?
2021දී ශ්‍රී ලංකාව හිගමනට වටෙයිද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwb4mEFcMOspG06CPuFE1_xj8vE9zojsK9U_mA-Y78dYbxox3E7c0de2xfjxxa7GDsa_SxJzbHQMuCKXbtSdEdcSMIT2dszqQE8nq1-vpIPxy6yCiF787TEXcgBoW6VNrmFelamDcCVlQ/s320/economy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwb4mEFcMOspG06CPuFE1_xj8vE9zojsK9U_mA-Y78dYbxox3E7c0de2xfjxxa7GDsa_SxJzbHQMuCKXbtSdEdcSMIT2dszqQE8nq1-vpIPxy6yCiF787TEXcgBoW6VNrmFelamDcCVlQ/s72-c/economy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/2021.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/2021.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy