දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි
Homeප්‍රවෘත්ති

සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි

PropellerAds

ම නම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති  මාර්ගයක් ඉදිකිරීමට කටයුතු සම්පාදන...

එජාප වෙනස ගැන අකිලගෙන් සහතිකයක්! එජාපයෙන් රාජිතට චම්පිකට ආරාධනා
මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්
උදය ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් - රනිල් මහින්ද හමුවී දැනුම් දෙයි
නම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති  මාර්ගයක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවත්, මෙම මාර්ගය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව තවත් බරපතල පාරිසරික හා සමාජීය ගැටළු රාශියකට ඉදිරියේදී මුහුණපෑමටට සිදුවනු ඇති බවත් වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය කියා සිටී.

වන වගා කිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමකදී ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය විසින් වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත ඊයේ (16) යවන ලද ලිපියකින් පෙන්වා දී තිබේ.

වස්ගමුව ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වන සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් බවද වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

වනජීවී අඩවි සහකාර වෘත්තිකයින්ගේ සංගමය “පොලොන්නරුව කලාපයේ වනජීවී රක්‍ෂිතවලට එල්ලවී ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම සඳහා” මැයෙන්  වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත ඊයේ (16) ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී තිබේ. එම සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. වීරසේන මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ මෙසේද දැක්වේ.

2020 නොවැම්බර් 15 වෙනි දින පොලොන්නරුව පුලතිසි චන්‍ද්‍ර මණ්ඩපයේදී විදුලි වැට, අගල් ඉදිකිරීම් හා වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව දන්වා සිටිමි.

මනම්පිටිය මහවැලි ගඟ පාලම ස්ථානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තර වනසේ යක්කුරේ දක්වා මාර්ගයක් ඉදි කිරීමට දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන්  අප සංගමයට තොරතුරු වාර්තාවී ඇත.

රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීමයි. ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වේ. වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්වේ. ඉන් සිදුවන්නේ ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමයි.

යක්කුරේ ගම්වාසීන්ට දැනට පොලොන්නරුව සිට මහියංගණය දක්වා දිවෙන කාපට් ඇතිරූ  මාර්ගය ඔස්සේ යක්කුරේ දක්වා ප්‍රවාහණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබියදී ශ්‍රී ලංකාවටම අගනා වියලි කලාපයේ පවතින මෙවැනි එකම තෙත් බිම් ජාතික වනෝද්‍යාණය මැදින් මාර්ගයක් තැනීම මගින් තවත් මෙවැනිම මහජන ඉල්ලීම්වලට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන බවත්, මෙවැනි මහජන අවශ්‍යතා සඳහා කෙටි මාර්ග සෙවීම ඥාණාන්විත නොවන බවත් අප සංගමය සැලකර සිටිමු.

එසේම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13 ක් දිගින්  මෙම මාර්ගය ඉදි කිරීම නිසා දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමද අනිවාර්යෙන් සිදුවන්නකි- එමෙන්ම දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව බරපතල පාරිසරික විනාශයක් සිදුවීමට අඩිතාලම වැටෙන බව අප සංගමය කියා සිටිමු.

මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ හේතුව නිසා දැඩි වන අලි ගැටළුවකට මුහුණපෑමට ස්ථිරවම සිදුවන බව ප්‍රකාශකර සිටිමි- නිලධාරීන්ගේ විරෝධය මැද මෙ සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඉදිරියේදී මුහුණපෑමට සිදුවන පාරිසරික හා සමාජයීය ගැටළුවලට, මෙයට නායකත්වය දෙන සෑම පුද්ගලයෙකුම වගකිවයුතු බව අවධාරණයෙන් කියා සිටිමි.

එසේම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වනසතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන බව දන්වා සිටිමි- එසේ කිරීමට අවශ්‍යවන්නේ නම් ක්‍ෂෙත්‍රයේ වගකිවයුතු පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් පසුව දීර්ඝකාලීන සැලැස්මකට අනුව එය කලයුතු බවත් සංගමයක් ලෙස අප දන්වා සිටිමු- මේ වන විටත් පිවිසුම් මාර්ග දෙකක් ඇලහැර කිරිඔය ප්‍රදේශයෙන් සහ හඳුන්ගමුව ප්‍රදේශවලින් ලබාදී ඇති බවත් දන්වා සිටිමු.

ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දැක්ම කරා ගෙනයාමට නම් හුදෙක් වනජීවී සම්පත් සෘජුව පරිභෝජනය කිරීම වෙනුවට වනජීවී සංරක්‍ෂණය තුලින් ලැබෙන්නාවූ අති මහත් ප්‍රතිලාභ මැනැවින් හඳුනාගෙන ඒ ඔස්සේ රට මෙහෙයැවිය යුතුබව අප සංගමය අවසන් වරට වගකිවයුතු සෑම පාර්ශවයකින්ම ඉතා ඕනෑකමින්  ඉල්ලා සිටිමු.

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි
සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Dc54lS2B3N7q2uTNprynZq9T67fR8vaFd1OnyDCep2ylesgJ4dqpW_AkLGqtWnTX5BPEdeJaOGAvy7n-PAukxuu6joNHoUOf-GlDuzlRbNzg8VXrdxe2ZLypYsJGy-pr9sNl33zzyP8/s320/Village_road_in_ampara-1536x922.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Dc54lS2B3N7q2uTNprynZq9T67fR8vaFd1OnyDCep2ylesgJ4dqpW_AkLGqtWnTX5BPEdeJaOGAvy7n-PAukxuu6joNHoUOf-GlDuzlRbNzg8VXrdxe2ZLypYsJGy-pr9sNl33zzyP8/s72-c/Village_road_in_ampara-1536x922.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy