එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හෙට(07) සහ අනිද්දා (08) අනිවාර්යයෙන්ම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවස...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හෙට(07) සහ අනිද්දා (08) අනිවාර්යයෙන්ම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(06) අපේගම පරිශ්‍ර යේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන් ගෙන ආ විශ්වාසභංගය පිළිබඳ පක්ෂය තුළ සාකච්ඡා කර නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අද(06), හෙට(07) සහ අනිද්දා(08) දිනවල සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම හමුවට සහභාගි වන ලෙස දැනමටත් ලියාපදිංචි තැපෑලෙන් ලිපියවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක මහත්වරුන්ටද ආරාධනා කර ඇතැයි වාර්තාවේ.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු දින තුනක් තුළ කඩිනම් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පූර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක්ද පත්කර ඇත.
COMMENTS