පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හි...
පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේදි හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව උදාකිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍යධූරයක් පිරිනමා කෘතඥතාවය පළ කිරීමට තමා සූදානමින් සිටිතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී ප්‍රකාශ කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉහත කරුණු දැක්වීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, අගමැතිවරයාගේ කරට අත දමා එකඟත්වය පළ කිරීම හරහා ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් උදය ගම්මන්පිල මහතා සමග පාර්ලිමේන්තු ආලින්දයේ රැඳී සිටි අවස්ථාවේදී ද එතනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උදය ගම්මන්පිල මහතාට කෘතඥතාවය පළ කරන බව ප්‍රකාශ කර ඇත.
COMMENTS