වැ ලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා ...
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වූවත් ඔවුන් බෝගම්බර සහ පල්ලන්සේන බන්ධනාගාර වලට යොමු කිරීමට තීරණය කර තිබේ.
දැනටමත් නිදන්ගත රෝග ඇති පිරිස් හා වියපත් පුද්ගලයන් වෙනම රැුදවීමටද පියවර ගෙන තිබේ.
එම බන්ධනාගාරයේ සිරකරුවන් ලියා පදිංචි කරන කාන්තා නිලධාරිනියක්, කාන්තා සිරකාරියන් තිදෙනෙකු පිරිමි සිරකරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී තිබිණි.
මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිරකරුවන් පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිතව හෙලි කර ගැනීමට හැකි වී නැත.
මෙම් තත්වය සමගින් වැලිකඩ බන්ධනාගාරයේ රැුදවියන් අධික ලෙස බියපත්ව සිටින්නේ යයිද වාර්තා වෙයි.

COMMENTS