මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයර...
මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) වරෙන්තු නිකුත් කළාය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
මීට පෙර ද උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ උදයංග වීරතුංග මහතා ඒ වන තෙක් අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.
මේ වනවිට ඔහු අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව පිළිගත් කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළාය.
COMMENTS