සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත ලබන 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රක...
සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත ලබන 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විසර්ජන පනත් කෙටුම්පත අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වනවිට එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කථානායකවරයා වෙත යවා ඇති බවද අමාත්‍යවරයා කියාසිටියේය.
එමෙන්ම මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මෙවර අයවැය සකස් කරන බවයි.
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන ඇති අධික ණය ගෙවාගැනීමට නොහැකි නිසා එම වරාය චීනය වෙත පවරා දීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ 20%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත හිමිවන පරිදි හම්බන්තොට වරාය චීනය වෙත පවරා දීමට කටයුතු කරන බවයි.
COMMENTS