දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සඟවන්න බැහැ - චම්පික රණවක
Homeප්‍රවෘත්ති

ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සඟවන්න බැහැ - චම්පික රණවක

PropellerAds

සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදය, විදේශ ණය අර්බුදය හා ආර්ථික අර්බුදය සඟවන්න නොහැකි බව හිටපු අමාත්‍ය...

ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති
කොත්තුව ප්‍රමාද වී ඇතිවූ ගැටුමෙන් 3ක් රෝහලේ
එජාපයේ හදිසි රැස්වීමක්! බලය බෙදීම ඇතුළු සම්මත කළ යෝජනා මෙන්න 
සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදය, විදේශ ණය අර්බුදය හා ආර්ථික අර්බුදය සඟවන්න නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ 15 වන දින සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

# නව ලිබරල් බදු සහන ප්‍රතිපත්තිය අද බූමරංගයක් බවට පත්ව තිබේ.

# මහ බැංකුවේ ආර්ථික පුරෝකථනය සෘණ වෙද්දී මුදල් අමාත්‍යාංශයේ පුරෝකථනය ධන වෙයි

# පොරොන්දු වූ ධර්මිෂ්ඨ පාලනය හා ඥාති සංග්‍රහයෙන් තොර ආර්ථික වර්ධනය කෝ ?

# මහබැංකු හොරුන්ට, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දඬුවම් නොදෙන්නේ ඇයි ?

# වසංගතය වසන්තයක් කරගෙන – කොරෝනාව ගරානාවක් කරගෙන

# වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදුන්නේ ඇයි ?

# පෑලියගොඩ වෙළඳ සංකීර්ණය පසුගිය ආණ්ඩුවේ මහනගර අමාත්‍යාංශය විසින් ඉදිකල එකක්.

කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙර 2019 දෙසැම්බර් 01 සෞභාග්‍යයේ මාවත යටතේ නව ලිබරල් බදු සහන ප්‍රතිපත්තියක් මේ රටේ ධන කුවේරයන්ට ලබාදීමට වත්මන් රජය විසින් ක්‍රියාකළ අතර අද වන විට එය බූමරංගයක් බවට පත්ව ඇතැයි චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මෙම දැවැන්ත බදු සහනයෙන් අද වන විට රටට කිසිදු ධනාත්මක ආර්ථික ප්‍රථිඵලයක් අත්කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් අද රටේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම වාගේ සෘණ වර්ධනයක් කරා ගමන් කරමින් තිබෙන බවත් ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

චම්පික රණවක මන්ත්‍රීවරයා පහත කාරනාද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

”කෝවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙරම රටේ ආර්ථිකය කළමණාකරණය කර ගැනීමට අපොහොසත් වූ වත්මන් ආණ්ඩුව අද වන විට සෑම ප්‍රශ්නයක් මුලටම හේතුව ලෙස කෝවිඩ් වසංගතය භාවිත කරයි.”

කෝවිඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙරම රටේ ආර්ථිකය කළමණාකරණය කර ගැනීමට අපොහොසත් වූ වත්මන් ආණ්ඩුව අද වන විට සෑම ප්‍රශ්නයක් මුලටම හේතුව ලෙස කෝවිඩ් වසංගතය භාවිත කරයි.

අද රටේ රාජ්‍ය මූල්‍ය බිඳ වැටී තිබේ.

සංචිත පහළ ගොස් තිබේ.

එමෙන්ම ආණ්ඩුව ආර්ථිකය පිළිබඳව පරස්පර සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කරමින් සිටී.

පසුගිය වසරේ දෙවන හා තුන්වන කාර්තුවල රටේ ආර්ථික වර්ධනය පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත.

”පසුගිය වසරේ දෙවන හා තුන්වන කාර්තුවල රටේ ආර්ථික වර්ධනය පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. ”

මහ බැංකුව විසින් මේ වසරේ ආර්ථික වර්ධනය -1.7 ලෙස පුරෝකථනය කර තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන වල සඳහන්ව තිබෙන්නෙ ධන ආර්ථික වර්ධන වේගයක් පවතින බවයි.

මේ ආකාරයෙන් ව්‍යාජ සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ තියෙන බලගතු දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදයවත්, විදේශ ණය අර්බුදයවත්, ඒ වගේම රටේ ආර්ථික අර්බුදයවත් සැඟවීමට නොහැකි බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීම සඳහා මූලික කාරණා දෙකක් මේ රට ඉදිරියේ තැබුවා. එම මූලික කාරණා දෙක තමයි,

1- රටේ ජාතික ආරක්ෂාව තරකර යුක්තිගරුක ධර්මිෂ්ඨ පාලනයක් ගෙනඒම සහ

2- ඥාති සංග්‍රහයකින් තොරව ක්‍රියාශීලීව කාර්යක්ෂමව රටේ ආර්ථිකය ශක්තිමත් කර සෞභාග්‍යය කරා ගෙනයෑම.

අද මේ කාරණා මේ විදියටම වත්මන් ජනාධිපතිතුමා විසින් ක්‍රියාවට නංවා තිබේ ද ?

අපේ යහපාලන ආණ්ඩුවට එවකට විපක්ෂයෙන් එල්ලවුණු චෝදනා අතර, යම්කිසි දුරකට හරි පදනමක් පසුබිමක් තිබුණ චෝදනා දෙකක් තිබුණි.

1- 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 28 මහ බැංකුවේ සිදුවුණා යැයි කියන බැඳුම්කර වංචාව හා

2- 2019 අප්‍රේල් 21 වන දින සිදුවුණු පාස්කු ප්‍රහාරය.

මේ කාරණා දෙක පමණයි අපට එල්ලවුණු චෝදනාවලින් පසුබිමක් පදනමක් තිබිච්ච කාරණා.

අනෙකුත් MCC එක ගැන, ශාබ් ශාබ්දීන් ගැන, හිස්බුල්ල ගැන, කල චෝදනා කූට නාටකයක කොටස්.

අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනව කියල කිව්වෙ, කෝ අල්ලගෙන ආවද ?

දැන් ජනාධිපතිතුමා කියනව, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නම් මට විසඳන්න පුළුවන්, කොවිඩ් වගේ ප්‍රශ්න නම් මට විසඳන්න බෑ කියල.

අපි අහනව දැන්, අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනව කියල කිව්වෙ, කෝ අල්ලගෙන ආවද ?

එතුමාගේ ජාතික ආරක්ෂක ශක්තිය මැනවින්ම පෙන්වපු එක තමයි මේ රටට කියපු පට්ටපල් බොරුව.

වසරක් ගතවෙලත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්න බැරිවුණා පමණක් නෙමෙයි, අර්ජුන් ඇලෝසියස්ලව අත්අඩංගුවේ තියාගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණෙ නෑ.

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිස නීතිය ඉදිරියට ගෙනල්ල මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ඨ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි ?

එය නොහැකියාවද, එසේත් නැත්නම් 2008 ඉඳන් සිදුවෙච්ච මේ වංචනික ක්‍රියාවලියේ සහකරුවන් අද මේ ආණ්ඩුවේ ඉන්න නිසාද කියන එක ඉතාම පැහැදිළිව අප ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක නොවන තාක්කල් මේ ආණ්ඩුව ආණ්ඩුවේ ප්‍රධානීන් මේ මහ බැංකු වංචාවේ කොටස්කරුවන් හැටියට නම් කරන්න අපි කිසිසේතම පසුබට වන්නේ නැති බව ප්‍රකාශ කරනවා.

පාස්කු ප්‍රහාරය අපේ ආණ්ඩුවේ විශාල අඩුපාඩුවක් ඇති කළ දෙයක්. ඒ අඩුපාඩුවට එක ප්‍රධාන හේතුවක් තමයි 2018 ඔක්තෝම්බර් 26 කරපු දේශපාලන කුමන්ත්‍රණය.

ඒ කුමන්ත්‍රණයෙන් පස්සෙ ජනාධිපති හා අගමැති අතර ඇතිවෙච්ච විරසකය සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම බරපතල ලෙස බලපෑමක් කලා.

දැන් නඩු පවරල තියෙනවා. ජනාධිපති කොමිෂන් සභා තියෙනවා.

හැබැයි එක පැත්තයි හොයන්නෙ.

මොකක්ද පැත්ත, තොරතුරක් ලබාදීල තිබුණ සහරාන් හසීම්ගේ තව්හිද් ජමාත් සංවිධානයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනව කියල, ඒක නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, හිටපු ජනාධිපතිතුමාට ඒ නොසැලකිල්ල පිළිබඳ තොරතුරු හොයනවා.

එය හොඳයි. හැබැයි වැදගත් දේ මොකක් ද ?

සහරාන් හෂීම් 2017 දි කාත්තන්කුඩියේ ඇති වෙච්ච සිදුවීම් වලින් පස්සෙ ඔහුව අත්අඩංගුවට ගන්න නියෝග කරල තිබෙන විට ඔහු කොහොමද කාත්තන්කුඩියේ පොලීසියෙන් බේරී පලාගියේ ?

අද මේ ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලඥයන් දෙන්නෙක් ඔහුට සහය දුන්න බවට වාර්තා වෙල තියෙනවා. ඒව හොයන්නෙ නෑ,

සහරාන් ඉන්දියාවට ගියේ කොහොමද ?

2016 ඉඳන් ISIS කණ්ඩායමත් සමඟ එකතු වෙලා ලංකාවේ අපේ අය කටයුතු කරනව කියල විදේශීය ඔත්තු සේවා අපට තොරතුරු ලබාදුන්නා.

ඒ තොරතුරු මත පදනම් වෙලා 45 දෙනෙක්ගෙ නම් තමන් හොයාගත්ත බව අපේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ ඒ කාලෙ වාර්තා කලා.

ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද ?

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වුණ අයට තාමත් යුක්තිය ඉටු කරල නෑ.

‘කොරෝනාව ගරානාවක් කර ගෙන’ :

මේ ආණ්ඩුව කෝවිඩ් වසංගතය වසන්තයක් කරගත්තා, කොරෝනාව ගරානාවක් කර ගත්තා.

විශේෂයෙන්ම මුහුණු ආවරණ ගෙන්වීම, විශබීජහරණය කරන දේවල් ගෙන්වීම, විදේශ රටවල කොටුවෙලා ඉන්න අහිංසක මිනිස්සු ලංකාවට ගෙන්වීම ආදිය ජාවාරමක් බවට පත්වුණා.

ඉහළ ගණයේ ව්‍යාපාරිකයන්ට, ව්‍යාපාරික ආයතනවලට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ, අඩුම ගාණෙ බ්‍රැන්ඩික්ස් පොකුර කියල කියන්නත් බය වුණා.

ඒක මිනුවන්ගොඩ වුණා. ඒ අයට කිසිම පරීක්ෂණයක් කරල නෑ.

15,000 කට අධික සංඛ්‍යාවක් කොරෝනාවට ගොදුරු වුණු අය ඉන්න, ඊට කිසිදු පරීක්ෂණයක් නැති රටක, අහිංසක මිනිසුන්ගේ මුහුණු ආවරණ ගැන පරීක්ෂණ කරන්න කොහොමද රටේ පොලීසියට හැකියාව ලැබෙන්නෙ ?

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කිව්ව මේක දැන් කොළඹ නගරය තුල පාලනය කරන්න බෑ කියල, ඔහුට තනතුර අහිමි කිරීමෙන් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

මාධ්‍ය සංදර්ශන වලින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ, මේ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් රටට අවශ්‍යයි.

තමන් විකෘති කරන ලද දත්තවලට තමන්ම වසඟවීම නිසා තමයි මේ අර්බුදය දුරදිග ගියේ.

කියපුවා ඒ විදියටම වෙලා ද ?

මම පෝස්ටර් ගහන්නෙ නෑ, මම පරිසරය රකිනවා. මගේ ඡන්ද ව්‍යාපාරය ආදර්ශමත් ව්‍යාපාරයක් කියල ගෝඨාභය මහත්තයා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී සඳහන් කළා.

ඒව ඒ විදියටම වුණා ද ?

මේ රටේ මුලින්ම පෝස්ටරයක් ගහන්නෙ නැතිව ඡන්ද ව්‍යාපාරයක් කළේ මම 2010 දි. පරිසර ඇමති හැටියට. පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්න පුරුදු කළේ අපි. සිගරට් මත්පැන් පෝස්ටර් නැති මැතිවරණය ව්‍යාපාරයකට ආදර්ශය අපි ලබාදුන්නා.

අද මොකද පරිසරයට වෙලා තියෙන්නේ ?

ආපු ගමන්ම වැලි කලුගල් පස් ප්‍රවාහනයට තිබුණු බලපත්‍ර ක්‍රමය අහෝසි කරල ජාවාරම්කාරයන්ට නිදහසේ මේ රට කොල්ලකන්න අවස්ථාව දුන්නා.

රජයේ කැලෑ පිළිබඳව නිකුත් කළ 5 – 2001 චක්‍රලේඛනය අද වන විට අවලංගු කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ කැලෑ ප්‍රාදේශීය ලේකම් වෙත බලය පවරලා.

මේ පැහැදිළිවම ඉහළ ගණයේ ව්‍යාපාරිකයන්ට කොල්ලකෑමට ලබාදීමකි.

”වැඩකරන විරුවා අනුන්ගේ වැඩවලට තමන්ගේ නම ගහන්නේ නැතිව තමන්ගේම හැකියාවෙන් වැඩකර පෙන්වන්න”

පෑලියගොඩ අප විසින් අළුතෙන් ගොඩනැගූ මාලු වෙළෙඳ පොල අද වත්මන් රජය විසින් ගොඩනැගූවක් ලෙස පෙන්වා දෙමින් විවෘත කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙය යහපාලන ආණ්ඩුවේ මා දැරූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් සිදුකළ ව්‍යාපෘතියක්.

අවුරුදු 03 න් වැඩ අවසන් කිරීමට අප සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය 2018 සිදුකළ දේශපාලන ක්‍රමන්ත්‍රණය හා පාස්කු ප්‍රහාරය නිසා පසුපසට ගියා.

නමුත්, අපි බලයෙන් ඉවත් වනවිට 90% කට වඩා මෙහි කටයුතු අවසන් කර තිබුනා.

කොව්ඩ් එකට මුවාවී මැනිං මාර්කට් එකේ කඩ හිමියන් වෙනත් ඉඩමකට යැවීමේ වැඩපිළිවෙලක ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නව.

ජනතා මුදල් මිලියන ගණනක් වැය කර ගොඩනැගූ මේ වෙළෙඳ සංකීර්ණයට ආණ්ඩුව කරන්න යන්නේ කුමක් ද ?

මේ සියලු කාරණා සම්බන්ධයෙන් අප අවධානයෙන් සිටිය යුතුයි.

වැඩකරන විරුවා අනුන්ගේ වැඩවලට තමන්ගේ නම ගහන්නේ නැතිව තමන්ගේම හැකියාවෙන් වැඩකර පෙන්වන්න යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සඟවන්න බැහැ - චම්පික රණවක
ඉලක්කම් විජ්ජාවල් මගින් රටේ දැවැන්ත ආර්ථික අර්බුදය සඟවන්න බැහැ - චම්පික රණවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2gtEk-JcZbV0bEY8KolFWH4A15dQgooF65y6ugce0T8ZnFOSuvNX6vEw0nStq0jCTJNzOVcssBCEhFEi74FW6TllIZ06TanwpPSbwhFrFPGO1BmQfQKG2mQxvFAbw8AmDRc7AKdJHL7Q/s320/champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2gtEk-JcZbV0bEY8KolFWH4A15dQgooF65y6ugce0T8ZnFOSuvNX6vEw0nStq0jCTJNzOVcssBCEhFEi74FW6TllIZ06TanwpPSbwhFrFPGO1BmQfQKG2mQxvFAbw8AmDRc7AKdJHL7Q/s72-c/champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_800.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_800.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy