දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති
Homeප්‍රවෘත්ති

ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති

PropellerAds

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව සහ අනෙකුත් අංශ තුළ අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සමාජගත නොකරන ලෙසත් ජන...

ඇමැතිගේ තහනම් මැද මණ්ඩලය විකුණනවට එරෙහිව පාරට බැහැපු දහස් ගණන් විදුලි සේවකයෝ ආණ්ඩුව ගේන්න යන පනතට ගිනි තියයි (VIDEO)
ලියාපදිංචි වාහන සඳහා යළි බදු අය කිරීමේ සූදානමක්!
ජනපතිට එරෙහිව කළු කොඩි එසවූ දෙදෙනෙක් වවුනියාවේදී අත්අඩංගුවට!
ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති

ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව සහ අනෙකුත් අංශ තුළ අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සමාජගත නොකරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරයි.

එම ගිවිසුමට රජය අත්සන් තබන්නේ එය පළමුව කැබිනට් මණ්ඩලයට ද දෙවනුව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර අහිතකර දේ ඇත්නම් ඒ සියල්ල ඉවත් කිරීමෙන් පසු සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් ලෙස බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 07 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම අයවැය විවාදයට එක්වෙමිනි.

රජයක් ලෙස ඉන්දියාව සමඟ පමණක් නොව ආර්ථික වශයෙන් ශක්තිමත්, ආර්ථික සහයෝගය ලබාගත හැකි රටවල් සමඟ රජය ඉදිරියේ දී නව එකඟතාවයන් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඇතැම් පාර්ශවයන් ඉදිරිපත් කරන ජනතාව නොමගයවන සුළු, වැරදි මත ඉතා කණගාටුදායක බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු  කරන සියලුදෙනා මෙම කරුණු හමුවේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සහ සංශෝධනවලට යටත්ව බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවමත් රජය කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන් කළේය.

වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම, නව අණපණත් ගෙන ඒම යන සියල්ලේදී රජය කටයුතු කරන්නේ ජනතා මතය විමසමින් මෙන්ම රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති
ඉන්දු ලංකා ගිවිසුම ගැන බොරු ප්‍රචාර එපා - ජනපති
http://ift.tt/2h02yy8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_693.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_693.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy