මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරයට පත්කර සිටින රුවන් විජේවර්ධන මහතාව ඉදිරියේදී එජාප නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත...
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරයට පත්කර සිටින රුවන් විජේවර්ධන මහතාව ඉදිරියේදී එජාප නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ගැන තවත් තර්ක කරමින් සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
"රුවන් විජේවර්ධන මැතිතුමා අපි පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඒ වෙනසත් එක්ක රුවන් විජේවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් කිරීමට සහ පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනින් එහාට වෙන තර්ක කර කර ඉන්න අවශ්‍යතාවයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
COMMENTS