ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (04 - 05) දිනයන්හිදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පැවැති විවෘත...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (04 - 05) දිනයන්හිදී පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පැවැති විවෘත කිරීම් ඇතුළු කිසිදු උත්සවයකට උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට ආරාධනා කර නොතිබූ බවට වාර්තා වේ.
මහවැලි අමාත්‍යාංශයේ, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන මහින්ද රත්නතිලක මහතාගේ පොළොන්නරුව නිවසේ පැවැති නිල උත්සවයට පවා පේෂල ජයරත්න මහතාට ආරාධනා නොකිරීම පිළිබඳව මේ වන විට දැඩි කතාබහට ලක් වී ඇත.
පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වන හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතාට මෙසේ ආරාධනා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්‌තයක් ක්‍රියාත්මක වන බවත්, ඉදිරි දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මෙය හඳුනාගත හැකි බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී (2015 ජනවාරි) මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ප්‍රබල භූමිකාවක් රඟපෑ පේෂල ජයරත්න මහතාට මෙලෙස කෙනහිලිකම් කිරීම පිටුපස රජරට ප්‍රදේශයේ ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන ප්‍රබලම දේශපාලනඥයකුගේ නමක් කියෑවෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි
COMMENTS