දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
Homeප්‍රවෘත්ති

පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !

PropellerAds

කොළඹ පෞද්ගලික රෝහලකින් පරීක්‍ෂණයකට භාජනවීම සඳහා පැමිණි පුද්ගලයකු එම රෝහල කළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව එම පරීක්‍ෂණ වාර්තාව ‘පොසිටිව්...

ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි
රනිල්ව හලලා සජිත් අද 11ට සිරිකොතේදී කරන දේ මෙන්න
රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි
කොළඹ පෞද්ගලික රෝහලකින් පරීක්‍ෂණයකට භාජනවීම සඳහා පැමිණි පුද්ගලයකු එම රෝහල කළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව එම පරීක්‍ෂණ වාර්තාව ‘පොසිටිව්’ වීම නිසා එම පුද්ගලයා සහ ඔහු සමඟ පැමිණ සිටි 23 හැවිරිදි දියණිය ඇඳිවත පිටින්ම ගිලන් රථයක තබාගෙන ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත මහ රෑ රැගෙන ඒමේ පුවතක් වාර්තා වනවා.

මොරටුව, කටුබැද්ද පදිංචි චමින්ද ප්‍රනාන්දු නමැති අය සහ ඔහුගේ දියණිය මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා.

එන්.ජී.ඕ. ග්‍රෑම් පරීක්‍ෂණයක් කර ගැනීම සඳහා එම රෝහලේ කාමරයක් වෙන්කරවා ගත් තමාගෙන් රුපියල් 50,000ක මුදලක් අයකර ගත් බවත් මෙම සිද්ධියෙන් පසුව එදින රාත්‍රි 8.30ට පමණ මුදල් කවුන්ටරයෙන් කතා කර තමාගේ වාර්තාව ‘පොසිටිව්’ වී ඇති බව පවසා කවුන්ටරයට පැමිණ ඉතිරි මුදල් ලබාගන්නා ලෙස දැනුම් දුන් බව සිද්ධියට මුහුණ දුන් චමින්ද ප්‍රනාන්දු මහතා පවසනවා.

අනතුරුව මුදල් ලබා ගැනීමට දියණිය පිටත් කළ පසු ඇයට රුපියල් 20,000කට ආසන්න මුදලක් ආපසු ලබාදී ඉතිරි මුදල් රෝහලේ වියදම් සඳහා කපා ගන්නා බව දැනුම් දුන්නැයි හෙතෙම කියා සිටියා.

දියණියට හා තමාට රෝහලේ රාත්‍රි ආහාරය ලබාදුන් අතර ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් 600ක මුදලක් අයකර ගත් බවද හෙතෙම පැවසුවා.

ගිලන් රථය පැමිණෙන තෙක් එම කාමරයේ රඳවාගෙන සිටි තමා සහ දියණිය රාත්‍රි 10.00ට පමණ ගිලන් රථය පැමිණි පසු එහි කැඳවාගෙන ගොස් ගිලන් රථයෙන් මෙසේ ඉරණවිලට රැගෙන ආ බව ඔහු අනාවරණය කළා.

තමාගේ දියණිය එසේ රැගෙන යනවා නම් ඇයටත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් කර වාර්තාවක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් බලධාරීන් එය ප්‍රතික්ෂේප කර දියණියත් තමාත් යන දෙදෙනාම මෙසේ ඉරණවිලට පිටත්කර එවූ බව ඒ මහතා සඳහන් කර සිටියා.

ඇඳිවත පිටින් ඔවුන්ව රැගෙන ආ අවස්ථාවේ ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ එක් රෝගියකු රැගෙන එන බැවින් තමන්ට දෙදෙනාම භාර ගැනීමට හැකියාවක් නොමැති බවයි.

රාත්‍රි 1.30ට පමණ දියණිය භාර නොගෙන ආපසු හරවා නොයවා එම මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇය රඳවාගෙන ඇයට වෙනම ස්ථානයක පහසුකම් සැලසූ බවත් එසේ නොවූයේ නම් මගේ දියණියට බලාපොරොත්තු නොවූ තත්ත්වයකට මුහුණදීමට වන බවත් චමින්ද ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පෞද්ගලික රෝහලකින් කොවිඩ් ආසාදිතයකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන්නේ නම් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු අතර මෙම සිද්ධියට මුහුණ පා ඇති දෙදෙනාගෙන් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට යැවීම සඳහා අවසරය ලබාගෙන ඇත්තේ චමින්ද ප්‍රනාන්දු මහතාට පමණක් බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේ මේ සිද්ධිය දැනගත් වහාම ඉරණවිල වෛද්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් කරුණු විමසූ බවයි.

ඔහු සඳහන් කළේ එක් අයකුට පමණක් අවසර ගෙන දෙදෙනකු රැගෙන විත් ඇරලා ගිය බවය. තමන්ට දින 14ක්ම එකම ඇඳුමක් පමණක් ඇඳගෙන රෝහලේ සිටින්නට වූ බවද ඒ මහතා පවසනවා.

රාත්‍රි 1.30ට පමණ 24 වියැති තරුණියක මෙසේ ආපසු හරවා යැවීම සුදුසු නොවන බැවින් ඇය භාරගෙන ආරක්‍ෂිතව රඳවා ගෙන සිටි බවත් ඇය අද පී.සී.ආර්. පරික්‍ෂණයකට භාජන කර එම පරීක්‍ෂණ ප්‍රතිඵල නෙගටිව් වුවහොත් ඇයට නිවෙසට ගොස් නිරෝධායනය වීමට පහසුකම් සලසන බවත්, අධ්‍යක්‍ෂවරයා තමා සමඟ පැවැසූ බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

එසේ වුවද මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් මෙම 24 හැවිරිදි තරුණියට මුහුණ පාන්නට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වහාම විමර්ශනයක් පවත්වා එම රෝහලට විරුද්ධව නිසි පියවර ගත යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසුවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDCFQfw9sn7avHkYGwQZDBj8Y6NIEgIWLyBeV-RZfEGbCZBNT-PGHdE9v2WOvz1mEWujORz0dlDankGniZ_MdnBHq6KhfyMMZNDdkvitC9D0XET7LTAMKHsdmMKVXfSzY2ypZiIB0XKVw/s320/hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDCFQfw9sn7avHkYGwQZDBj8Y6NIEgIWLyBeV-RZfEGbCZBNT-PGHdE9v2WOvz1mEWujORz0dlDankGniZ_MdnBHq6KhfyMMZNDdkvitC9D0XET7LTAMKHsdmMKVXfSzY2ypZiIB0XKVw/s72-c/hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_278.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_278.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy