දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක් !
Homeප්‍රවෘත්ති

කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක් !

PropellerAds

ව සංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිව...

මයුරි අදත් CIDය ඉස්සරහ !
රටට දරාගත නොහැකි පරිදි ණය ගැනීම නිසා මහින්දට නඩු.
ගෝඨාගේ “එළිය” බදාදා එළිදකී.
සංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට පවතින විශ්වාස කිසි ලෙසකවත් බෞද්ධ දර්ශනයේ ඇගයීමට ලක් නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙති.

“ඒ නිසා බුදු දහම එවැනි දෑ වෙත මහජනතාව පොළඹවන්නෙත් නැහැ. ඒකට කියන්නේ අන්ධ විශ්වාසය.” යනුවෙන් උන්වහන්සේ සදහන් කොට තිබේ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් ඔබ්බට ගොස් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමකදීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි කියා සිටියේ “ඇදහිලි පසුපස යෑම පසෙකින් තබා මේ මොහොතේ සිහියෙන් කටයුතු කිරීමයි වැදගත්” බවය.

“ඇදහිලි, පූජා, පෙරහැර බුදු දහමේ ඇති දේවල් නොවෙයි. ඒවා කාලයත් සමග වැඩුණු සංස්කෘතික කාරණා. බුදු දහමට අනුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ අවදි සිහියෙන් කටයුතු කිරීම. අපි මේ මොහොතේ මිනිස්සුන්ව උනන්දු කළ යුත්තේ බුදු දහමේ එන වටිනා ඉගැන්වීම් ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන්න.” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

“බුදු දහමේ කියා සිටින ප්‍රධාන දෙයක් තමයි එළඹ සිටි සිහියෙන් යුක්තව මේ මොහොතේ කටයුතු කිරීම. එය පුහුණු කරන භාවනා තිබෙනවා. කායානුපස්සනාව ප්‍රධාන වශයෙන්. ඒ දේවල් අපේ පුහුණුවෙන් අතහැරිලා ගිහින් නොයෙකුත් පුද පූජා පැවැත්වීම වගේ දේවල් ඉදිරියට ඇවිත් තිබෙනවා,”

“ඒ දේවල්වලින් අපේ අභ්‍යන්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිව අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අවුරුදු 2500 යද්දී අපි අපිවම අභියෝගයට ලක් කරන, අපිව ඇතුළතින් වෙනස් කරන වැඩේ අතහැරි ගොස් තිබෙනවා. පුද පූජා වගේ පිටතින් කරන දෙයකින් ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. බුද්ධ දර්ශනයේ මූලික හරයට ආපසු යන්න මේක අවස්ථාවක් කර ගනිමු. සතිමත් බවින් කටයුතු කරන්න පුලුවන්නම් මේකට අපිට මුහුණ දෙන්න පුළුවන්.”

බීබීසී සංදේශය ඇසුරිනි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක් !
කොරෝනාව මිත්‍යාවෙන් පරද්දන්න බෑ: මහා සංඝරත්නයෙන් ප්‍රකාශයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhU58d6k2pP-5OtaE7lqfh4DHu7RPWQjKQFe-gyvWYVgdg5xjLbv_YKpDsJ_DTPETi4dCnN7cFp2djmXVgCco-m2nDVVXiwSEBCe8qMq_gd1eu847ZfNWdRZWaLABI2jOpC6iJazvAvPw/s320/OMALPE-HIMI-1536x922.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhU58d6k2pP-5OtaE7lqfh4DHu7RPWQjKQFe-gyvWYVgdg5xjLbv_YKpDsJ_DTPETi4dCnN7cFp2djmXVgCco-m2nDVVXiwSEBCe8qMq_gd1eu847ZfNWdRZWaLABI2jOpC6iJazvAvPw/s72-c/OMALPE-HIMI-1536x922.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy