දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටට දරාගත නොහැකි පරිදි ණය ගැනීම නිසා මහින්දට නඩු.
Homeප්‍රවෘත්ති

රටට දරාගත නොහැකි පරිදි ණය ගැනීම නිසා මහින්දට නඩු.

PropellerAds

දරාගත නොහැකි දැවැන්ත ණය අර්බුදයක රට හිර කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් එජාප...

හුංගම කුඹුරු යායක ඇතිවූ ගින්න මැඩපවත්වයි
නව පක්ෂය අර්බුදයක: ඒකාබද්ධයේ පිල් දෙකක්
දකුණු අධිවේගයේ අනතුරකින් විදේශිකයින්ට දෙ‍දෙනෙකු රෝහලේ

දරාගත නොහැකි දැවැන්ත ණය අර්බුදයක රට හිර කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් එජාප නීති විශාරදයින් කණ්ඩායමක් මේවනවිට පුළුල් අධ්‍යනයක යෙදී සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මූල්‍ය අවපාලන චෝදනාව යටතේ මහින්ද අත්අඩංගුවට ?

මීට පෙර පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් එසේ අධිකරණය හමුවට ගෙනයා නොහැකි වුවද, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එසේ ඔහුගේ ධුර කාලය තුළ කරන ලද යම් අකටයුත්තක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉඩක් ඇති බව එම නීති විශාරදයන් පවසති.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්තාව ලබන සතිය තුල නව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය වෙත බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. 

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය සමග සාකච්ඡා කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඔවුන් තීරණය කර ඇතැයි පැවසේ.

2018 : සමස්ත ආදායම පාහේ ණය ගෙවීමට !

2018 වසරේ සඳහා රජයේ ඇස්තමේන්තුගත සමස්ත ආදායම රුපියල් බිලියන 2200 ක් වන අතර, බදු පනත් සංශෝධන ඇතුළු සියලූ උපාය-උපක්‍රම හරහා එකතු කර ගත හැකි සමස්ත මුදල මීට වැඩි වන්නේ නැත. 

රාජපක්ෂ පාලනය තුල ගත් රාජ්‍ය ණය වෙනුවෙන් පොළී සහ වාරික ගෙවීම ස`දහා පමණක්, 2018 වසරේ දී රුපියල් බිලියන 1,900 ක මුදලක් අවශ්‍ය වී ඇත. 

රජයේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා වලට රුපියල් බිලියන 1,400 ක් අවශ්‍ය වන අතර, ප්‍රාග්ධන වියදම් ස`දහා රුපියල් බිලියන 700 ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත. 

එයින් මාර්ග සංවර්ධනයට පමණක් රුපියල් බිලියන 385 ක් වෙන් කළ යුතුව තිබේ. 

මේ අනුව 2018 වසරේ දී ඇස්තමේන්තුගත වියදම් ස`දහා පමණක් අලූතින් රුපියල් බිලියන 1,800 ක ණයක් ලබාගැනීමට සිදු වන බව මුදල් අමාත්‍යංශ වාර්තා මගින් හෙළි වේ.

2019 වසරේදී ණය කල්පිරීම් නිසා මීට වඩා දැවැන්ත ණය මුදලක් ලබා ගැනීමට සිදු වන බවත්, මේ නිසා රටේ ආර්ථිකය බරපතල අගාධයකට තල්ලූ වීමට ඉඩ ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටට දරාගත නොහැකි පරිදි ණය ගැනීම නිසා මහින්දට නඩු.
රටට දරාගත නොහැකි පරිදි ණය ගැනීම නිසා මහින්දට නඩු.
http://ift.tt/2xFthGq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy