විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව තමන් පිළිනොගන්නා අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂ...
විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව තමන් පිළිනොගන්නා අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (21) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ දෙවන දිනට මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙමින් පැවසුවේය.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොමිසමේ කොමසාරිස්වරිය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.
විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමද නියෝජනය කරන අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙම අදහස පළකළේ ඔවුන් ඉදිරියේ වීම විශේෂත්වයකි.
ඒ අනුව අවතැන් වූවන් පදිංචි කිරීමේ ඇමති ලෙස කාලයක් කටයුතු කළ අතර අවතැන් වූ සිංහල ජනතාව කොපමණ දෙනෙක් නැවත පදිංචි කිරීම් කළේද යන්න කොමසාරිස්වරිය මන්ත්‍රීවරයාගෙන් විමසුවේය.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ " නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව ලක්ෂ දෙකකට වැඩිය නැවත පදිංචි කළා. සිංහල බේකරි හිමියන් ඇතුළු ව්‍යාපාරිකයන් නැවත පදිංචි කිරීමට කටයුතු කළා. උතුරු පළාතේ 2%යි සිංහල අය හිටියේ. මුස්ලිම් 5%යි. සිංහල බහුතරයක් එල්.ටී.ටී.ඊ. කාලයේ ඒ ප්‍රදේශවලින් ගියා. මුස්ලිම් ජනතාව ලක්ෂයකට ආසන්න පිරිසක් එලවලා දැම්මා. ඒ අය 2009 යුද්ධය අවසානයේදී නැවත පදිංචි කිරීම් කටයුතු සිදුකළා. එය සිදුකළේ බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේයි. ලක්ෂයක් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරනකොට මම අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ඇමති නෙවෙයි. වන්නි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටු සභාපති ලෙස මම ඒකට උපරිම සහය දුන්නා. බෝගස්වැව, නාමල්ගම විශාලතම ගම්මානවල තිබුණු අවුරුදු 75ක් 100ක් පැරණි ලොකු ගස් කපලා අක්කර එක බැගින් මොණරාගල,හම්බන්තොට ප්‍රදේශ වල සිංහල ජනතාව 5000ක් විතර පදිංචි කළා. ඒකට විරුධව කිසිකෙනෙක් පෙත්සම් ගැහුවේ නැහැ. කල්ලරුවලත් විජය ගම්මානය කියලා සිංහල ගම්මානයක ජනතාවට ගෙවල් හදලා දීලා තියෙනවා. කල්ලරුවල ගස් කපලත් නැහැ. නැවත පදිංචි කරලා නැහැ. ඒ සිද්ධියට අපි නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා'' යනුවෙනි.
COMMENTS