මෙවර අයවැයෙන් උපරිම සිල්ලර මිල මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද, පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල්...
මෙවර අයවැයෙන් උපරිම සිල්ලර මිල මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද, පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් රුපියල් පහකින් ද, ගෑස් රුපියල් 25කින් අඩු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
ඒ අනූව පහත දැක්වෙන ද්‍රව්‍යවල මිල ගණන් පහත පරිදි අඩුකෙරේ.
භූමි තෙල් ලීටරයක් රුපියල් - 05
මුං ඇට රුපියල් - 15
පරිප්පු රුපියල් - 10
සුදු සීනි රුපියල් - 02
හාල් මැස්සෝ රුපියල් -05
අල රුපියල් - 05
ගෑස් සිලින්ඩර් රුපියල් 25කින් අඩු කිරීමට යෝජනා කෙරේ.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 125යි
දේශීය කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 250යි
සමෘද්ධි ලාභින්ට සහල් කිලෝ 5ක සහනාධාරයක් ලබාදීමට යෝජනා කෙරේ.
COMMENTS