මා සයකට වරක් පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කර සිටින දේශපාලඥයෙකු මේ දිනවල එම පොලිසියේ සටහන් පොත නිවසට ගෙන්වා ගන්නා ...
මාසයකට වරක් පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කර සිටින දේශපාලඥයෙකු මේ දිනවල එම පොලිසියේ සටහන් පොත නිවසට ගෙන්වා ගන්නා බවට අද දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත. මධ්‍යම පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාට පසුගිය කාලයේ අධිකරණයේ ගොනු කර තිබූ චෝදනාවකට ඇප ලබා දී ඇත්තේ මසකට වරක් පොලිස් පොතේ අත්සන් තැබීමටයි.
නමුත් ඔහු මේ වන විට ඇමති ධූරයක් ලබා ගත් පසු අත්සන් තැබීමට පොලිසියට නොගොස් පොලිස් නිලධාරීන් ලවා එම පොත නිවසට ගෙන්වා ගන්නා බව එම වාර්තාවේ දැක්වෙයි.

COMMENTS