මු ස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි මේ දක්වාත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ජනාධිපති ලේකම් උදය ආර...
මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි මේ දක්වාත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි. ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වු බව පසුගිය සදුදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කළේය.
ධුරවලින් ඉවත් වූ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන්වල අසුන් ගන්නා බවට ප්‍රකාශ කළත් ඉල්ලා අස්වීම්වලට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව වෙත නොලැබීම හේතුවෙන් ඔවුන්ට ඊයේ (04) දිනයේදීත් පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් පනවා තිබුණි.
එම ඉවත් වීම් ගැසට් කිරීමට අදාලව ජනාධිපති කාර්යාලය මඟින් ලැබිය යුතු ලිපිය මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම්වරයා සදහන් කළේ අමාත්‍යවරුන් එම ධුරයෙන් ඉවත් වීමට අදාල ලිපි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමන් වෙත ලැබිය යුතු බවයි.
කෙසේවෙතත් එම ලිපි මේ දක්වාත් ලැබී නොමැති බව ජනාධිපති ලේකම්වරයා කියා සිටියේය.
මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසුවේ ව්‍යවස්ථානුකූලව අමාත්‍ය ධුරවලින් ඉවත් වූ පසු ඊට අදාල ලිපි භාර දිය යුත්තේ ජනාධිපතිවරයා වෙත බවයි.
කෙසේවෙතත් තමා ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාර දුන් බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

COMMENTS