මී ලග ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බව වාර්තා වෙයි. ඊයේ දින පැවති කැබි...
මීලග ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බව වාර්තා වෙයි.
ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණු ඇමතිවරුන් සමගින් මේ බව සදහන් කර තිබේ.
එම ජනාධිපතිවරණයට එජාපයේ තරුණ ජවයක් ඇතිව නිසි මගට එන්නේ නම් එයට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු පවසා ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිම හේතුවකට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහු නියෝජනය කරන පක්ෂයට සහයෝගය නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර නව සන්ධානයක් සදහා සාකච්චා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කර තිබීම විශේෂත්වයක් දරයි.
නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකත්වය වත්මන් ජනපතිටත් අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාටත් දිය යුතු බවට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට පොදුජන පෙරමුණෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

COMMENTS