දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20න් පසු ජනාධිපති ඒකාධිපති වෙලා.. රට පුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් - කිරිඇල්ල
Homeප්‍රවෘත්ති

20න් පසු ජනාධිපති ඒකාධිපති වෙලා.. රට පුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් - කිරිඇල්ල

PropellerAds

20 වැනි සංශෝධනය යටතේ ස්වාධිනව කටයුතු කලයුතු ආයතන ජනාධිපතිතුමාගේ සපත්තුවට යටවෙලා යයි අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සම්බන්ධ වෙමින් අදහස්...

ෆින්ලන්තය නිරුවතින් ශීතල වතුරේ!
ඇමැති ගෝලයෙක් නීති කඩා ලංකාවට පොල් පටවයි
ඩෙංගු නසන හැටි මෙන්න... [Video]

20 වැනි සංශෝධනය යටතේ ස්වාධිනව කටයුතු කලයුතු ආයතන ජනාධිපතිතුමාගේ සපත්තුවට යටවෙලා යයි අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

කඩුගන්නාව නගර මධ්‍යයේ තිබ්බ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා විසින් ඉදිකල ඔරලෝසු කණුව නගර සභාව විසින් එක රැයකින් ගලවලා ඉවත් කරලා. රට පුරා ඔරලෝසු කණු ගැලවිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා අපි ඒක හෙලා දකිනවා.

ඒ වගේම අද පාසල් විවෘත කරන දවස නමුත් මහනුවර ධර්මරාජ විදුහලේ ළමුන් 4000 කින් 75 යි අද ඇවිත් තියෙන්නේ. මහනුවර දිස්ති‍්‍රක්කයේම 5% වගේ ළමුන් ප‍්‍රමාණයක් තමා අද පාසල් ගිහිල්ලා තියෙන්නේ. මහනුවර දිස්ති‍්‍රක්කයේ PHI මහත්වරු ඉන්නේ පාසැල් 60 කට එක්කෙනයි. තාවකාලික නිලධාරින් හෝ බඳවාගෙන මේ ප‍්‍රමාණය වැඩි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොවිඞ් හේතුවෙන් lock down කරලා තියෙන ප‍්‍රදේශවල ජනතාවට නැවත වරක් රු. 5000 ක දීමනාව ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඒ ජනතාව ඉතා අසිරු තත්වයකට පත්ව සිටිනවා. රැුකියාවක් කර ගන්න බෑ. ජිවත් වෙන්න මාර්ගයක් නැ ඒ ජනතාවට අද.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ශ්‍රේෂ්ඨාධිකරනයට, රාජ්‍ය සේවා කොමිසමට, අධිකරණ සේවා කොමිසමට, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හා දුෂණ කොමිසම වැනි ආයතන සියල්ලටම ස්වාධිනත්වයක් තිබුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිතුමා නමක් යෝජනා කලාම ව්‍යවස්ථාධායක සභාවට ඒ නම පිළිගන්නත්, නොපිලිගන්නත් හැකියාව තිබුණා. නමුත් අද ජනාධිපතිතුමා නමක් යෝජනා කලාම ඒ නම අනිවාර්්‍යයෙන් පිළිගන්න ඕනේ. කනගාටුයි කියන්න අද මේ ආයතන සියල්ල ජනාධිපතිතුමාගේ සපත්තුවට යට වෙලා.

ව්‍යවස්ථාවේ ප‍්‍රධානම අංගය තමයි බලතල බෙදාහැරිම. විධායකය, ව්‍යවස්ථාධායකය, අධිකරණය හා ස්වාධින ආයතන වලට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ. නමුත් 20 වැනි සංශෝධනයෙන් පස්සේ අධිකරණයට ස්වාධිනව කටයුතු කිරිමේ හැකියාව අහිමි වෙලා තියෙනවා. ව්‍යවස්ථාධායකයේ බලය අහිමි වෙලා තියෙනවා. බලතල බෙදාහැරිම අහිමි කිරිම ඇත්ත වශයෙන්ම අපිට පෙහෙලිකාවක්.

ගරු කථානායකතුමනි, ව්‍යවස්ථාවට අනුව රටේ ප‍්‍රධාන තනතුරු 75 ක් පමණ පත් කිරිමට තිබෙනවා. නමුත් මේ පත්කිරිම් 75 ම කිසි කෙනෙකුගෙන් අහන්නේ නැතිව තනි කැමැත්තට පත් කරන්න පුළුවන්. මේ ක‍්‍රමය හරිද? විපක්‍ෂය සමග, වෘත්තිකයන් සමග, සිවිල් කි‍්‍රයාකාරින් සමග කිසිම සංවාදයක් නෑ.

සජිත් පේ‍්‍රමදාස මැතිතුමා කොවිඞ් ගැන මේ කවුරුවත් හිතන්නවත් කලින් ජනවාරි මාසේ 24 වෙනිදා කිව්වා ගුවන් තොටුපල වහන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ වසර 25, 30 ක ජේ්‍යෂ්ඨ නායකයන් ඉන්නවා. නමුත් මේ කවුරුත් මේ ගැන කථා කලේ නෑ. ගුවන් තොටුපල වහන්න කියලා ජනවාරි විතරක් නෙවේ පෙබරවාරි මාසෙත් කිව්වා. නමුත් මේ රජය ඇහුම්කන් දුන්නේ නැ. ගරු කථානායකතුමනි, ඔබතුමා බලන්න ටයිවානය කියන රට චිනයට ආසන්න රටක් නමුත් අද සාමාන්‍ය තත්වයෙන් රට ඉදිරියට යනවා. හේතුව තමයි ටයිවානය ජනවාරි මාසයේදිම ගුවන් තොටුපල වැහුවා. ඒ නිසයි ටයිවානයට රෝගයට එරෙහිව සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබුනේ. නමුත් අපේ රටේ මොකද උනේ? අපේ ගුවන් තොටුපලත් ජනවාරි මාසයේදි වැහුවානම් අද මේ තත්වයට පත් වෙන්නේ නෑ. මාර්තු මාසයේ මැතිවරණයට නාමයෝජනා භාරගත්තාට පස්සේ තමයි ගුවන් කොටුපල වැහුවේ.

ගරු කථානායකතුමනි, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්‍ෂය සමග කිසිම සංවාදයක් තිබ්බේ නෑ. සභානායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවලා, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සාකච්ඡුා කිරිම වැලැක්වුවා. ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සාකච්ඡුා නොකරයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත උනේ. පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් කියලා තිබුණා මිල්ටරි අයට රටක් පාලනය කරන්න බෑ කියලා. මිල්ටරි පාලකයන්ට සංවාදයක් නෑ, සාකච්ඡුාවක් නෑ නමුත් ප‍්‍රජාතත්ත‍්‍රවාදි පාලනයකට සංවාද, සාකච්ඡුා අවශ්‍යයි. නියෝගවලින් පමණක් රටක් පාලනය කරන්න බෑ. අද අවාසනාවකට රටේ සංවාදයක් නෑ. සංවාදයක් නොමැතිකම නිසා අපි දවසෙන් දවස ප‍්‍රපාතයට ඇද වැටෙනවා.

ව්‍යවස්ථාදායක සභාව ඉස්සෙල්ලම රටට හදුන්වා දුන්නේ චන්ද්‍රිකා මැතිණියයි. එදා වයඹ මැතිවරණයෙන් පස්සේ පොලිසිය. රජයේ ඉහල නිළධාරින් ආණ්ඩුවේ මර්ධනයට ලක් උනා. චන්ද්‍රිකා මැතිණිය තමයි එදා ව්‍යවස්ථාදායක සභාව ඇති කරලා උසස් නිලතල එම සභාව මගින් අනුමත කලයුතු යැයි යෝජනාවක් ගෙනාවේ. එදා එම යෝජනාවට පාර්ලිමේන්තුවේ 3/2 කැමැත්ත ලැබුණා. පසුකාලීනව 18 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව අහෝසි කලා. ඊට පස්සේ ඊට පස්සෙ 19 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව ඇති කලා. දැන් 20 වන සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා තියෙනවා. අපිට හැමදාම ප‍්‍රතිපත්තියක් තිබ්බා. අපි හැමදාම ව්‍යවස්ථාදායක සභාව ඇති කරන්න ඡුන්දය දුන්නා. නමුත් වත්මන් ආණ්ඩු පක්‍ෂයේ අයට ප‍්‍රතිපත්තියක් නෑ. මේ අය ඇති කරන්නත්, නැති කරන්නත් ඡුන්දය දෙනවා.

ගරු කථානායකතුමනි, ඒකාධිපති පාලකයෝ ඉන්න රටකට ආයෝජකයෝ එන්නේ නෑ. අධිකරණයට ස්වාධීනත්වයක් නැතිනම් ආයෝජකයන් රටට එන්නේ නෑ. ගරු කථානායකතුමනි, ඔබතුමාට මතක ඇති ඒ කාලේ මැතිවරණය කියන්නේ යුද්ධයක්. නමුත් පසුකාලීනව මැතිවරණ කොමිසමට ස්වාධීනත්වය ලබාදුන්නට පස්සේ ජනතාවට බරක් නැතිව යුරෝපීය රටවල වගේ අද මැතිවරණ කි‍්‍රයාත්මක වෙනවා.

අපේ රජය කාලයේ සියළු රජයේ සේවකයන්ට පඩි වැඩිකිරීම් කෙරුවා. පඩි වැඩි කිරිමේ ඉල්ලීම් සියල්ල ඉටුකෙරුවා. ඒ වගේම විශ‍්‍රාමිකයන්ට 2020 ජනවාරි මාසයේ පඩි වැඩිකිරීමක් සිදුකරලා තිබුණා. නමුත් වත්මන් රජය එම පඩි වැඩිකිරීම නැවැත්තුවා. ආණ්ඩුව අද මූල්‍ය අමාරුවකට ලක්වුනේ ආණ්ඩුව විසින්ම ආණ්ඩුවේ ආදායම නැතිකර ගත්ත හින්දයි. කෝටි 60,000 ක් රජයේ බදු ආදායම නැති කරගත්තා. ඒ නිසයි අද රජයට ජනතාවට සහන ලබාදෙන්න බැරි.

ගරු කථානායකතුමනි. අද රටේ භාණ්ඩ මිළ පාලනයක් නෑ. ගැසට් ගැහුවට මිළ පාලනය වෙලා නෑ. අපේ රජය කාලේ හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සමාගමක් හැදුවා ශක්ති කියලා. අපි හාල් තොග තියාගත්තා. සහල් මිළ ඉහල යන අවස්ථාවල අපේ තොග වෙළ`ද පොළට නිකුත්කලා. ඒ විධියට අපි හාල් මිළ පාලනය කරන්න කටයුතු කලා. නමුත් වත්මන් ආණ්ඩුව ආ විගස ශක්ති සමාගම වහලා දැම්මා. අද පොලොන්නරුව සහල් මාෆියාවට අවශ්‍ය ආකාරයට සහල් මිළ පාලනය කරන්න ඉඩ දීලා තියෙනවා.

ගරු කථානායකතුමනි. අනික් කාරණාව තමයි නවීණ ලෝකය තුල හුදකලාව ජීවත් වෙන්න බෑ. අපේ කාලයේ අපි ජාත්‍යන්තරය සමග ඉතා හොදින් කටයුතු කලා. දේශීයත්වය, දේශීයත්වය කියලා හුදලකාවේ ජීවත්වෙන් බෑ. එක්සත් ජාතීන්ගේ සංගමයේ, ලෝක වෙළ`ද සංගමයේ ගිවිසුම් අපි අත්සන් කරලා තියෙනවා. අද වන විට යුරෝපා හවුල අනතුරු අගවලා තියෙනවා. අපේ රටේ ආනයනය බොහෝදුරට අඩු කරලා. යුරෝපා හවුල කිව්වේ ආනයනය, අපනයනය දෙපැත්තටම වෙන්න ඕන කියලයි. මම රජයට කියනවා රටක් වශයෙන් ජාත්‍යන්තරය සමග අමනාප වෙන්න නරකයි.

– මාධ්‍ය ඒකකය



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20න් පසු ජනාධිපති ඒකාධිපති වෙලා.. රට පුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් - කිරිඇල්ල
20න් පසු ජනාධිපති ඒකාධිපති වෙලා.. රට පුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් - කිරිඇල්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi80dYTwhdBvf8ReSPH_8foHdl3LcmDPWDvixGX0KBne5NYVugKLqjh-8uNZR2WKGCHR0xALOBKkaTfQZOgk5NxGobU5bOEtAv_r95Gx8vWyH00TJQGiPQlYKV0RiOo8utozM6IY-vzBA/s320/kiriella.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi80dYTwhdBvf8ReSPH_8foHdl3LcmDPWDvixGX0KBne5NYVugKLqjh-8uNZR2WKGCHR0xALOBKkaTfQZOgk5NxGobU5bOEtAv_r95Gx8vWyH00TJQGiPQlYKV0RiOo8utozM6IY-vzBA/s72-c/kiriella.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/20_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/20_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy