මේ අනුව නැගෙනහිර පින්ලන්තයේ පැවති සංගීත සන්දර්ශනයක් අතරතුර 789 දෙනෙක් නිරුවතින් ශීතල ජලයට පැන්නහ. ඔවුන් හැම කෙනෙක්ම කොල පැහැති හිස් ආවරණ ...
මේ අනුව නැගෙනහිර පින්ලන්තයේ පැවති සංගීත සන්දර්ශනයක් අතරතුර 789 දෙනෙක් නිරුවතින් ශීතල ජලයට පැන්නහ. ඔවුන් හැම කෙනෙක්ම කොල පැහැති හිස් ආවරණ පැළඳ සිටින ආකාරය දැකගත හැකි විය.
දැනට මෙම වාර්තාව ෂතුව තිබෙන්නේ ඔස්ටේ්‍රලියාවට ය. 2015 වසරේදී එම වාර්තාව තැබීම සඳහා සහභාගි වූ නිරුවත් පිහිනුම්කරුවන් ගණන 786 ක් විය. ෆින්ලන්තය මෙයට පෙර අවස්ථා දෙකකදී මෙම වාර්තාව කැඩීමට උත්සාහ කළ නමුත් දැඩි ශීත කාලගුණය නිසා එම අවස්ථා දෙකේදීම සහභාගි වූයේ පිහිනුම්කරුවන් 300 දෙනා බැගින් පමණි.
ගිනස් ලෝක කමිටුව විසින් තම සාර්ථක උත්සාහයට නිල පිළිගැනීම ලබාදෙනු ඇතැයි ෆින්ලන්තය බලාපොරොත්තු වෙයි.
අවුට් ඩෝ ස්විමිං හෙවත් එළිමහන් ජල තටාකවල පිහිනීම ෆින්ලන්ත වැසියන්ගේ සංස්කෘතියේ කොටසකි. එයට අමතරව අයිස් ජලය පිරුණු ගුහා හෝ ජල ස්කන්ධයන්ගේ පිහිනුම ඔවුන්ගේ ශක්තිය උරගා බලන්නක් ලෙස ද සැලකේ. එරට සංචාරක මණ්ඩලය, කායික ශක්තිය වර්ධනය කරන ක්‍රීඩා ඉසව්වක් ලෙසින් මෙම ශීතල ජලයේ පිහිනීම ප්‍රවර්ධනය කිරීමෙහි යෙදී සිටියි.
-අමාලි ජයවීර
COMMENTS