මේ වන විට එවැනි පොල් කන්ටේනරයක් ගෙන්වා ඇති බවත්, මෙසේ පොල් ගෙන්වීම මඟින් ලංකාවේ පොල්වලට බරපතළ රෝග වැළඳීමේ අවදානමක් තිබෙන බවත් එම ආරංචි මාර...
ලංකාවේ වගා කරන බෝග හෝ ඒ බෝගවලට ආසන්න කාණ්ඩ 35 කට අයත් බෝග මෙරටට ගෙන්වීම තහනම් ය. පොල් යනු ඒ අතරින් ඉදිරියෙන්ම ඇති බෝගයකි. ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් මිදි සහ ඇපල් ගෙන්වීමට පමණක් අවසර ලබා දී ඇත. මීට පෙර ද පොල්, අර්තාපල් වැනි බෝග ගෙන්වීම මඟින් මෙරට බෝගවලට බරපතළ රෝග වැළඳුණු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හෙළි කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පැවසුවේ පර්යේෂණ කටයුත්තක් සඳහා පොල් පර්යේෂණ ආයතනයට අදාළ පොල් කන්ටේනරය ගෙන්වා ඇති බවයි. සිල්වර් මිල්ස් නම් පෞද්ගලික ආයතනයක් මඟින් මේ පොල් තොගය ගෙන්වා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් අපට අදාළ තොරතුරු ලබා දුන් පාර්ශ්ව සඳහන් කරන්නේ මේ පොල් තොගය පර්යේෂණයක් සඳහා ගෙන්වූ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට සිල්වර් මිල්ස් ගෲප් සමාගමේ අධ්‍යක්ෂවරයකු සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් කිසිවකු කාර්යාලයේ නොමැති බව දැනුම් දීම නිසා ය.
ශාලික විමලසේන
COMMENTS