දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විස්සෙන් බුදු දහමේ ප්‍රමුඛත්වයට තර්ජනයක් (වීඩියෝ)
Homeප්‍රවෘත්ති

විස්සෙන් බුදු දහමේ ප්‍රමුඛත්වයට තර්ජනයක් (වීඩියෝ)

PropellerAds

යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හරහා බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය ට ද තර්ජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ ...

ගෝටාභයගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.. ඔහු නුසුදුස්සෙක් නොවේ.- මැකො සභාපති කියයි
royal park story
" මම ඇමෙරිකාවෙන් ආපු කෙනකුත් නොවෙයි.මාතෘභූමියේ මහපොළොවට පය ගහලා ඉන්න පුද්ගලයෙක්." - සජිත් කිව්ව සැර කතාව මෙන්න
යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හරහා බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය ට ද තර්ජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කියයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය නායකවරයා පෙන්වා දෙන්නේ  ‍ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී ඇති  බලකණු බිඳදමමින්  විධායකය පමණක් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම හරහා ජනතා පරමාධිපත්‍ය බලය  සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවයි.

ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව සටන් කරන  බවද ඔහු සඳහන් කළා. 

“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ ප්‍රධාන කණු තුනක් උඩ, ඒ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය. ඒ වගේම ස්වාධීන  මාධ්‍ය කියන හතරවෙනි කණුවකුත් තියෙනවා. මේ විසිවන සංශෝධනයෙන් පේන්නේ කණු  තුනක්ම ඒ කියන්නේ  ‍ව්‍යවස්ථාදායකය අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය  යන සියල්ල නොසලකා හැරලා  සියලු  බලතල විධායකයට විසින්  අත්පත් කර  ගැනීමට දරන උත්සාහයක්. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන එක, ඒක එහෙම නැති වෙනවා කියලා කියන්නේ  රටේ බුදුදහම පවා අනාරක්ෂිත වෙනවා කියන එකයි. එලෙස එල්ලවන බලපෑම් වලට  එක්සත් ජාතික පක්ෂ විදිහට අපි විරුද්ධයි. මොකද අපි ඉතිහාසයේදීත් විවිධ අභියෝග මධ්‍යයේ  විශේෂයෙන්ම චෝල ආක්‍රමණ වලට පවා මුහුණ දෙමින්, ඒ වගේම බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා  අපි බුදු දහම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කළා. එනිසා කිසිදු ලෙසකින්  බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛත්වයට හානිදායක යමක් සිදු වේ නම්  ඊට එරෙහිව  එක්සත් ජාතික පක්ෂය සටන් කරනවා.මෙවැනි සංශෝධනයක්  නීතියක්  ලෙස සම්මත  වුවහොත්  ඉදිරියේ දී රටේ  ස්වාධීන අධිකරණ පද්ධතියේ සහ ස්වාධීන මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්න කිරීමට අපට සිදුවේවි. ඒ වගේම රාජ්‍ය ආයතන වල සම්පත් භාවිතය, මුදල් භාවිතය සම්බන්ධයෙන් විගණනය කිරීම සදහා විගණකාධිපතිවරයාට පවරා ඇති  බලය ඉවත් කිරීම මගින් අර්බුදයක් නිර්මාණය වනවා. මෙය සෘජුවම රටේ   ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ලෙස අපි මෙම ව්‍යවස්ථා සංශෝධනයට  දැඩි විරෝධය පළ කරනවා.

රට පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්  වැඩි  බලතල අවශ්‍ය බව  ප්‍රකාශ කරනවා. නමුත් අපි දැක්කා පසුගිය කාලේ  කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරපු ආකාරය. තියන බලතල පමණයි ඔහු යොදා ගත්තේ. ගැටලු මතු වුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා බලතල මදි කියන කතාව අපිට පිළිගන්න බැහැ. මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය  විසිවන සංශෝධනය එරෙහිව සටන් කරනවා. රටේ ජනතාවගේ  ජනතා පරමාධිපත්‍ය  බලය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එදත් අදත් හෙටත් එක්සත් ජාතික පක්ෂයේ පෙනී සිටිනවා ” 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විස්සෙන් බුදු දහමේ ප්‍රමුඛත්වයට තර්ජනයක් (වීඩියෝ)
විස්සෙන් බුදු දහමේ ප්‍රමුඛත්වයට තර්ජනයක් (වීඩියෝ)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW_vyGVA9ne7Q7QlXH0WSMZhJ874LKPTQyW9vQNfedO-pfXisp0EcoSU-3DfYIRRQ1cFlsoAmtoW95RvMrXnMS_pEpho9XCPFVvO9U_rFaXye1cyiTsJLw6BNdS_8y1Z1vCocY35znsk4/s320/ruwan-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW_vyGVA9ne7Q7QlXH0WSMZhJ874LKPTQyW9vQNfedO-pfXisp0EcoSU-3DfYIRRQ1cFlsoAmtoW95RvMrXnMS_pEpho9XCPFVvO9U_rFaXye1cyiTsJLw6BNdS_8y1Z1vCocY35znsk4/s72-c/ruwan-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy