රා ජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඉවෝන් ජොන්සන් නමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ ද...
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඉවෝන් ජොන්සන් නමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම නියමව සිරගතව සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබාදීමට හැකියාව තිබුණේ නම් තමන්ට එවැනි සහනයක් ලබාදීමට පියවර නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරමින් වැලිකඩ බන්ධනාගාරගත මරණීය දඬුවම ලත් සිරකරුවන් දෙදෙනකු ඊයේ (11දා) පෙරවරුවේ එහි වහලයක් මතට නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
එම බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනය ලත් තවත් සිරකරුවන් දහසක් පමණ මෙකී සිරකරුවන් දෙදෙනාට සහාය පළකරමින් ඊයේ දිවා ආහාරය ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබූ බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.
තමන් ඇතුළු මරණ දඬුවම ලත් විශාල පිරිසක් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරගතව ඉතාම දුක්ඛිත තත්ත්වයේ සිටින නමුත්, තමන්ට නිදහස ලබාදීමට හෝ එකී දඬුවම් කාලසීමාවක් අඩු කිරීමට හෝ රජයේ කිසිදු බලධරයකු මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එහෙත් එසේ දඬුවම් ලබා සිටින ඇතැම් පිරිස් නිදහස් කර හැරීමට රටේ ජනාධිපතිවරයා පියවර ගෙන තිබීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් බවත් “සිරකරුවෝද මනුෂ්‍යයෝ” නම් තමන්ටද එවැනි නිදහසක් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් දෙදෙනා එසේ වහලය මතට නැඟ විරෝධතාවයේ නියැළී සිටිති.
පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී ද ඔවුන් දෙදෙනා සිය විරෝධතාවයේ නියැළී සිටියහ. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර උසස් නිලධාරියකුගෙන් විමසූ අවස්ථාවේදී කියා සිටියේ එකී විරෝධතාව සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.
මේ අතර ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති පොදු සමාව ලබාදීමට විරෝධය පළකරමින් ඊයේ (11දා) පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක නිරත වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් ‘මව්බිම’ට වාර්තා වේ.
මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇති රැඳෙව්වන් 30ත් 35ත් අතර ප්‍රමාණයක් මෙලෙස උපවාස අරඹා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් (11දා) දහවල් ආහාරයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව එකී උපවාසය අත්හැර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
කුමුදු උපුල්
ශාන්ත,
රුවන්ත
නිතුල්ගස්පිටිය

COMMENTS