ජා තිවාදය, ආගම්වාදය තුරන් වූ ශිෂ්ටසම්පන්න යුගයක් 16 වැනිදායින් පසු ක්‍රියාත්මත කරනවා යැයි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. උ...
ජාතිවාදය, ආගම්වාදය තුරන් වූ ශිෂ්ටසම්පන්න යුගයක් 16 වැනිදායින් පසු ක්‍රියාත්මත කරනවා යැයි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුළ බුද්ධාගමට මුල්තැනදී ආරක්ෂා කරන්නාසේම සෙසු ආගම් මෙන්ම සියලුම ජාතීන් ආරක්ෂා කරන බවත්, ජාතිවාදය, ආගම්වාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට
ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මනුෂ්‍යත්වය රජයන මානව හිතවාදී යුගයක් 16 වැනිදායින් පසු උදාකරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි නගරයේ පැවැති ජන රැලියේදී පැවැසීය.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
මඩකළපුව, කල්කුඩා ජනතාවට කිව යුතු එක දෙයක් තියෙනවා. කිසි දවසක ඉතිහාසයේ සිදු නොවුණු දැවැන්ත සංවර්ධනයක් පක්ෂ, පන්ති, ආගම්, කුල භේදයෙන් තොරව ප්‍රේමදාස පුතා ඉටු කරනවා. මගේ සිහිනයක් තිබෙනවා. එය 17දාට මා සැබෑ කර ගන්නවා. 17 වැනිදා උදා වෙන කොට ශීතාගාර පහසුකම් සහිත අලුත් ධීවර වරායකට වාලච්චේන ධීවර වරායට මුල්ගල තියලා එය ජනාධිපති ලෙස මා විසින්ම විවෘත කරනවා.
කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ තිබෙන සියලුම රෝහල් වැඩි දියුණු කොට වාලච්චේන රෝහල උසස්ම ගණයේ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එපමණකින් නොනැවතී යෞවන යෞවනියන්ට ක්‍රීඩා කිරීමට තිබෙන ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටියක් ලෙස සංවර්ධනය කරනවා. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන මීට පෙර බොහෝ දෙනෙක් බොහෝ දේවල් කියලා තියෙනවා. ඒවා අහලා මේ ජනතාව හෙම්බත් වෙලා ඇති. වෙන අය වගේ නොවෙයි සජිත් ප්‍රේමදාස යමක් කීවොත් එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. බැරි දේවල් මම භාර ගන්නේ නැහැ. ජනාධිපති වී මාස 3 ක් ඇතුළත කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කොට මේ ප්‍රදේශයේ දසදහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නට අපේ අලුත් ආණ්ඩුවක් යටතේ කටයුතු කරනවා.
මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර්, මැලේ කවුරු වුණත් හැමට පිරිසුදු පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට මේ ජනතාවගේ ආයුෂ වැඩි කරන්න කටයුතු කරනවා. ජාතික වශයෙන් වැදගත් කාර්යභාරයන් රැසක් අපි ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.
එමෙන්ම මගේ පියා තමයි පාසල් නිල ඇඳුම සහ දිවා ආහාරය පාසල් දරුවන්ට දුන්නේ. මගේ ප්‍රතිවාදියා පිටුපස සිටින දේශපාලන කල්ලිය තමයි දිවා ආහාරය රටේ දුවා දරුවන්ට අහිමි කළේ. 16දාට හංසයාව දිනවන කොට පාසල් දරුවන් 44 ලක්ෂයකගේ සුබ සාධනය වෙනුවෙන් නිල ඇදුම් කට්ටල දෙකයි, පාසල් දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි ලබා දෙන්න අපි කටයුතු කරනවා.
මඩකළපුවේ කෘෂිකර්මාන්තය ඉතා ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මෙපමණ කලක් රටේ කිසිදු නායකයෙක් නොකළ වැඩක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට මම කරනවා. අපේ රටේ ආහාර අවශ්‍යතාව අපිම සපුරා ගන්නට ඕනේ. ඒ වෙනුවෙන් කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍යයි. ජාතික ආහාර නිෂ්පාදනය තුළින් අපේ රටේ අවශ්‍යතාව සම්පූර්ණ කරනවා පමණක් නොව අපි ආහාර භවභෝග කෘෂි නිෂ්පාදන අපනයනය කළ යුතුයි. ඒ සඳහා වී වගාවට, එළවළු, පලතුරු වගාවට, තේ, පොල්, රබර් වගාවට සුළු අපනයන භෝග වගාවට හැම කෘෂිකාර්මික ක්‍රියාවලියකටම නොමිලේ පොහොර ලබා දෙනවා.
පෙර පාසල් දූ දරුවන් වෙනුවෙන් අපි සාධාරණත්වයක් කරනවා. එම නිසා පෙර පාසල් ගුරුවරියන්ට, සහාය පාලිකාවන්ට රජයෙන් වැටුප් ගෙවනවා. ඊට අමතරව පෙර පාසල් වෙනුවෙන් භෞතික සම්පත් හා මානව සම්පත් ලබා දෙමින් පෙර පාසල් නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කර ගන්නවා. ස්වයං රැකියා කරන අයට අනිවාර්යෙන්ම සහයෝගය ලබා දෙනවා. ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප නැතුව පොලී නැතිව ලක්ෂ 3ක ණයක් ලබා දෙනවා.
මගේ පියාත්, මමත් හොඳ සිංහල බෞද්ධයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! කියලායි. ජාතිවාදය, ආගම්වාදය, ආගම් භේදය, ජාතිභේදය, ලෝව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. නමුත් ජාති, ආගම් භේද ඇති වන අයුරින් කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඔවුන් බෞද්ධයන් නොවෙයි. මම එහෙන් මෙහෙන් ආපු කෙනෙක් නොවෙයි. ඒ වගේම මම ඇමෙරිකාවෙන් ආපු කෙනකුත් නොවෙයි. මම මගේ මාතෘභූමියේ මහපොළොවට පය ගහලා ඉන්න හැම ජාතියකටම, හැම ආගමකටම ගරු කරන පුද්ගලයෙක්.
අපේ අමීර් අලි මැතිතුමා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟලා තිබෙනවා. හොඳට මතක තියාගන්න අනිත් පැත්තට උදව් කරන අය කියන්නේ පල්ලි කඩන එක හොඳයි, කෝවිල් කඩන එක හොඳයි, දේවස්ථාන කඩන එක හොඳයි, ආගමික ස්ථාන විනාශ කරන එක හොඳයි කියයි. සජිත් ප්‍රේමදාස ළඟ විනාශ කිරීම, කඩා දැමීම, පිච්චීම මගේ ශබ්ද කෝෂයේ නැහැ. මගේ ශබ්ද කෝෂයේ තිබෙන්නේ ඉදිකිරීම, ගොඩනැඟීම හා නිර්මාණය කිරීම් පමණයි.
16දාට නිර්මාණය වෙන්නේ උතුරත්, දකුණත්, නැඟෙනහිරත්, බටහිරත් මේ රටේ පළාත් නමයම, මේ රටේ දිස්ත්‍රික්ක 25ම, මේ රටේ වසම් 14022ම එක්සත් වුණුු සද්දන්ත ශ්‍රී ලංකාවයි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් අපි අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය, කුඩු ජාවාරම, මිනීමරුවෝ, කප්පම් කල්ලි, ළමා අපචාර කල්ලි, විනාශ කරනවා. මගේ නායකත්වය යටතේ අපේ රටේ ජාතිභේදයට, ආගම්වාදයට, ජාතිවාදයට, ආගම් භේදයට ඉඩක් තබන්නේ නැහැ. ජන සමාජයේ පොඩිම තැන ඉඳලා නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ රට සුරකින ගමනට 16දා හංසයා ඉදිරියේ කතිරය ගසා හංසයා දිනවන ලෙස ඉල්ලා සිටිනවා.

COMMENTS