මැ තිවරණ කොමිසන් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු කිසිවක් නොතිබූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ...
මැතිවරණ කොමිසන් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු කිසිවක් නොතිබූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
කොමිෂන් සභාව අවදානය යොමු කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු සම්බන්ධයෙන් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් කිසිම අපේක්ෂකයෙකුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ සිරදඬුවම් විදීමක් සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් කිසිඳු ලියකියවිල්ලක් කොමිෂන් සභාව විසින් ඉල්ලා නොසිටි බවත් ඒ පිළිබඳ අවධානය නොදැක්වූ බවත් ඔහු පැවසීය.
නමුත් සියළු අපේක්ෂකයන්ගේ තමන් කිසිදු නුසුදුසු කමකට යටත් වී නැතැයි දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත් බවත් පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නාමයෝජනා භාරගත් අවසාන දිනය පැය දෙකක කාල සීමාවක් විරෝධතා සඳහා ඉඩ දී තිබූ බවද සඳහන් කළේය.
එම කාලය තුළදී යම් විරෝධතාවක් මතු කළහොත් පමණක් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ තිබූ බව ද ඔහු කියා සිටියේය.
පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් වත් තම කොමිසම කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැති බවද එය තම කොමිසමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.
කිසිදු විරෝධතාවක් තිබුණේ නම් අදාළ කාලසිමාවේ ගොනු කළ හැකිව තිබූ බවද සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ බීබීසී සේවය සමග අද සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

COMMENTS