දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා - ඇමති ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා - ඇමති ජොන්ස්ටන්

PropellerAds

රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍...

ප්‍රහාර වල මුවාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහලට
කුරානයක් තම සන්තකයේ තබා ගත් හිමිනමක් මහරගම ප්‍රදේශවාසීන් පොලිසියට බාරදෙයි - කුරානය බිම වැටී හිමිනම නොසන්සුන් වෙයි - (photos)
සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන් !
රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මුළු ලෝකයේම රටවල් වහගෙන යනකොට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවාවේ නිලධාරීන්, P.H.I. මහත්වරුන් මහා දැවැන්ත සේවයක් කරලා තමයි අපේ රට ආරක්ෂා කර ගත්තේ. අපි පිළිගන්න ඕනි අවම මරණ සංඛ්‍යාවක්. ඊළඟට අපිට මතකයි දැන් විපක්ෂයෙන් යම් යම් චෝදනා කරනවා ආණ්ඩුව මේක හරියට කළේ නැහැ කියලා. ජනතාව ආරක්ෂා කළේ නැහැ, කොවිඩ් නැහැ වගේ රටේ රජයේ නායකයා කටයුතු කළේ. රැස්වීම් තිබ්බා. ජනතාව එකතු කෙරුවා. මේ ගැන කිසිම හැඟීමක් කෙරුවේ නැහැ, කියන චෝදනාව තමයි. මේවා අලුත් කතන්දර නොවේ. මේ කතන්දර පහුගිය මාස හයේ ම ඇහුවා.

අපි මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණයේ පෝස්ටරයක් ගහන්න දුන්නේ නැහැ. ජනතාව රැස් කරන්න, මහා රැස්වීම් තියන්න ඉඩ දුන්නේ නැහැ. එතකොට විපක්ෂය කිව්වේ කොවිඩ් එක හරහා ඡන්දය කරන්න හදනවා. මේක නිසා ජනතාව ඡන්දය දෙන්න යන්නේ නැහැ. මේ නිසා විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්නම් covid එක පාලනය කරගන්න බැරි වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වේ නැත්නම් පනත් සම්මත කරගන්න බැරිවෙනවා. ඒ නිසා covid එක පාලනය කරගන්න බැරි වෙනවා. කොවිඩ් එක පාලනය කරගන්න මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව මේක කරන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. විසුරුවපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. ඔවුන් බල කෙරුවා විතරක් නෙවෙයි උසාවිත් ගිහින් තමයි නතර වුණේ.

අන්තිමට විශාල ප්‍රතිශතයක් ඡන්දය ලබා දීලා කවදාවත් 2/3 ගන්න බෑ කිව්ව ජේ ආර් ජයවර්ධන මහත්තයා හදපු මැතිවරණ ක්‍රමය හරහා 2/3 ජයග්‍රහණයක් රජය ලබාගත්තා. ඒ විශ්වාසය මං හිතන්නේ කෝවිඩ් එක පාලනය කරපු නිසා තමයි විජයග්‍රහණයක් ලබා ගන්න ජනතාවට දැඩිව විශ්වාස ආවෙ. මේ රටේ ජනතාව කල්පනා කෙරුවා ජනාධිපතිතුමාට අවශ්‍ය ශක්තිමත් රජයක් හදලා දෙන්න ඕනි කියලා. විපක්ෂය එදා බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාව රකින්න නෙවෙයි. විපක්ෂය බලාපොරොත්තු වුණේ කෝවිඩ් එක හරහා අපේ රටේ මිනිස්සු මැරෙයි කියලා. මැරෙන ගාන ගනන් කරන්න හිටියේ. එක් අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කෙරුවා ඉස්සෙල්ලාම covid එකෙන් එක්කෙනෙක් මැරුනා. අණ්ඩුව හංගගෙන ඉන්නේ කියලා. ඒ නිසා ජන ජීවිතත් එක්ක විපක්ෂය වගකීමක් නැහැ. ඒ ජන ජීවිත බිල්ලට දෙන්න කැමති විපක්ෂයක් අද ඉන්නේ. අපේ ආණ්ඩුව එහෙම නොවෙයි.

දැන් විපක්ෂයේ මොනවද කියන්නේ. ආපහු රට වහන්න ඕනි කියලා. ඇයි? මේ බලන්නේ එක පැත්තකින් බලනවා කොවිඩ් එක හැදිල මිනිස්සු මැරෙන්න ඕනි කියලා. අනිත් පැත්තෙන් බලන්නේ රට වහලා කොහොම හරි ආර්ථිකය වට්ටන්න. මේක තමයි ඔවුන්ගේ තිබෙන එකම පරමාර්ථය. ඔවුන් මේ සද්භාවයෙන් රටේ ජනතාව ගැන බලන විපක්ෂයක් නොවේ අද තියෙන්නේ. විපක්ෂයත් එහෙමයි. විපක්ෂ නායකතුමා එහෙමයි. විපක්ෂ නායකතුමා ෆේස්බුක් එකේ ගිහින් live ගිහින් කිව්වා බෙහෙතක් ගන්න කියලා. Donald Trump වගේ. මතකයිනේ ප්ලැකනිල්.

ඒ නිසා වගකීමකින් තොරව වැඩ කරන්න හොඳ නැහැ. මේ වෙලාවෙදි අපි දන්නවා අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනි කියලා. මොකක්ද ඔවුන්ගේ ගෙනාපු පළවෙනි චෝදනාව. කෝ රට විරුවෝ. ඡන්දය ගන්න විතරයි ගෙනාවේ. දැන් එන්න දෙන්නේ නැහැ. ගෙන්වන්න කියලා බල කෙරුවා. රට විරුවෝ කියලා සැලකුවා ඡන්ද කාලේ. දැන් රට ඉන්න අය ගේන්න දෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. ආණ්ඩුවට බල කෙරුවා ගේන්න කියලා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම කිව්වේ අපි මේක පරිස්සමින් කරන්න ඕනි කියලා. හැම වෙලාවෙම විපක්ෂය බැලුවේ දේශපාලන වාසි ගන්න. පිට රට ඉන්න මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉඳලා දේශපාලන වාසි ගන්න. ඒ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ත්‍රිවිධ හමුදාවේ, අපේ රාජ්‍ය නිලධාරීන්ගේ තියන කැපවීම, ගෝඨාභය ජනාධිපතිතුමාගේ තියෙන ස්ථිර අධිෂ්ඨානය, අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ තියන සුසංයෝගය, ඒ නිසා පැහැදිලිව අපි කියනවා අපි කිසිසේත්ම මේ රටේ ජනතාව අමාරුවෙ වැටෙන කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඉතාමත් වගකීමෙන් කියනවා අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරනවා. ජීවිත අවදානම පවා නොතකා රජය, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා. දැන් ප්‍රචාරය කරනවා මුළු රටම දැන් වහන්න ඕනි කියලා. හැමතැනම Covid ආසාදිතයින් ඉන්නවා කියලා ප්‍රචාරය කරනවා. හැබැයි ඉතාමත්ම උපක්‍රමශීලීව මේ තීන්දු තීරණ රජයක් හැටියට රාජ්‍යය නිලධාරීනුත් එකතු කරගෙන නිවැරදිව තීන්දු තීරණ ගන්නවා.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා - ඇමති ජොන්ස්ටන්
රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් සමග කැපවීමෙන් අපි වැඩ කරනවා - ඇමති ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhHci7qfnHomM-saSS9W_mfKOy7if5qqql3-ne8Svp06AJEaUyViq4kSPIa1Inki62uSgTx6X3OvUVMOstk9rgHbTV6Ag5ymNNWbVCE_uQXpJeu0JrPTYobeORKoSIM1kLMlQDuqpA_a8/s320/JohnstonFernando-son.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhHci7qfnHomM-saSS9W_mfKOy7if5qqql3-ne8Svp06AJEaUyViq4kSPIa1Inki62uSgTx6X3OvUVMOstk9rgHbTV6Ag5ymNNWbVCE_uQXpJeu0JrPTYobeORKoSIM1kLMlQDuqpA_a8/s72-c/JohnstonFernando-son.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_839.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_839.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy