පා ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට රටේ ආරක්ෂක අංශවල පැහැදිලි බිඳවැටීමක් සිදුව තිබූ බව තමා පිළිගන්නා බව හිටපු අගමැති රන...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට රටේ ආරක්ෂක අංශවල පැහැදිලි බිඳවැටීමක් සිදුව තිබූ බව තමා පිළිගන්නා බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ පෙරේදා (13) කියා සිටියේය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් හමුදා ප්‍රධානින් මුස්ලීම් කාන්තාවන් පලඳින නිකාබය තහනම් කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ගෙනා බව කියා සිටි හිටපු අගමැතිවරයා ඒ සඳහා තමන් විරුද්ධ නොවු බවත් තමන් කියා සිටියේ මේක කළොත් මුස්ලීම් අන්තවාදින්ට නැගී සිටින්න අවියක් දීම සහ සාම්ප්‍රදායික මුස්ලීම්වරුන් දුර්වල කරන එක යැයිද කොමිසම හමුවේ කියා සිටියේය.
එහෙම කළොත් ඔවුන්ට කතාකරන්න මාතෘකාවක් දෙනවා. 83 කෝලහාලයටත් මුල්වුණේ ඒ දේ. මම එයට විරුද්ධ වුණේ නැහැ. මොකද ඒ ගැන ඡන්දයක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආරක්ෂක අංශ කිව්වේ අදාළ කාලය වන විට ප්‍රංශයෙත් තහනම් කරලා තියෙන්නේ කියලා. මම කිව්වා ප්‍රංශයෙ තහනම් කළාට බ්‍රිතාන්‍යයේ තහනම් නැහැ කියලා. ඉරානයට ගිහින් සටන් කළේ අපි ප්‍රංශය ගියේ නැහැනේ කියලා අමෙරිකාව කිව්වා.එකෙන් වෙන්නේ සාම්ප්‍රදායික මුස්ලීම්වරුන් දුර්වල කරන එක. ඔවුන් අතරෙන් අන්තවාදින් ගැන තොරතුරු එන එක නතර වෙනවා යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (13) දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ ආණ්ඩුවක් ලෙස පැවති යහපාලන රජයේ අඩුපාඩුකම් බොහෝමයක් තිබූ බව තමා පිළිගන්නා බවය.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ දැනුම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් එතුමාගේ ක්‍රියාකලාපය ගැන මට ප්‍රශ්න තිබුණා. මම ඒ ටික මාධ්‍ය නැතුව කියන්නම් යැයි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කළ කරුණු දැක්වීම්වලට ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයේදි විරුද්ධ වුණාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේය.
එම ප්‍රකාශය හිටපු අගමැතිවරයා සිදු කිරීමත් සමගම කොමිසම් සභාවෙන් මාධ්‍යවේදින් ඉවත්ව යන ලෙස කොමිසමෙන් නියෝග කළේය.
අප්‍රේල් 21 මේ රටේ ස්ථාන 08 ක බෝම්බ පුපුරන තෙක් සහරාන්ගේ මේ ප්‍රහාරය ගැන විදෙස් බුද්ධි තොරතුරට අමතර කිසිම තොරතුරක් මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණේ නැහැනේ යැයි ජනාධිපති කොමිසම සිදු කළ විමසීමකට පිළීතුරු ලබා දෙමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට මෙරට බුද්ධි අංශ වල බිඳ වැටීමක් සිදුව තිබූ බව තමන් පිළිගන්නා බවය.

COMMENTS