අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොදම කාලය බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට ගම් 36,000කින් ග්‍රාම සේවක වසම් 14,000කටම ගොස...
අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොදම කාලය බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට ගම් 36,000කින් ග්‍රාම සේවක වසම් 14,000කටම ගොස් ජනතාව මුණගැසීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
පක්ෂ භේදයකින් තොරව ජනතාවගේ අදහස් ලබාගැනීමට “ගම සමග පිළිසදරක්” යනුවෙන් වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසුවේය.
මේ මස 16 සහ 17 යන දිනවලදී පළාත් පාලන ආයතන 286ක රැස්වීම් පවත්වා ග්‍රාමීය නායකයින්, සංඝරත්නය, ග්‍රාම නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන් දැනුවත් කරමින් ගමින් ගමට යෑමට සූදානම් බවද රාජපක්ෂ මහතා සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
"පළාත් සභා මැතිවරණය කල් දමා මේ වන විට වසර එකහමාරක ගත වෙනවා. මුලින්ම තිබියි යුත්තේ එම මැතිවරණයයි. ඊට පස්සේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. නමුත් මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එකක් නැහැ දැන්."
COMMENTS