අ තරමැදියන් විසින් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ල...
අතරමැදියන් විසින් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15) සොයා ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මාස හයකට පෙර මිලදී ගන්නා ලද කීරි සම්බා වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මෙහි තිබූ අතර එම වී අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය.
මෙම වී ගබඩාව අසල වී සහල් කිරීමේ සංකීර්ණයක්ද ඇති අතර එය 2017 වර්ෂයේ ලියාපදිංචි කර තිබේ.

COMMENTS