දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ බැංකු වාර්තා අනුව සේවකයන්ගේ මූලික වැටුප පහත වැටිලා !
Homeප්‍රවෘත්ති

මහ බැංකු වාර්තා අනුව සේවකයන්ගේ මූලික වැටුප පහත වැටිලා !

PropellerAds

වි පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මෙහි දැක්වේ. 2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේව...

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි
ගවයන්ට වෛරස් රෝගයක්.. ප්‍රවාහනය කිරීම දකුණු පලාත තුල තහනම් කරයි
අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අදයි
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මෙහි දැක්වේ.

2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා රු.2500 ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන ලෙසින් සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී යන ආයතනවල සේවකයින් වෙත මේ දක්වා එම රුපියල් 2500 ලබා නොදීම බරපතල අසාධාරණයකි.
මෙම අසාධාරණය වහාම නිවැරදි කරන ලෙසට අපි ආණ්ඩුවට බල කරමු

අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මෙම රු.2500ක මාසික දීමනාව ලබා නොදෙන්නේ මන්දැයි ආණ්ඩුව මෙම ගරු සභාවට දැනුම් දිය යුතුයි.

2019 වර්ෂය සඳහා වූ අය-වැය යෝජනා ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය අංශයේ සේවක පිරිස්වලට රු.2500 ක මාසික දීමනාවක් 2019 ජූලි මස සිට ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා.  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක.09/2019 අනුව ගෙවීම් කටයුතුද සිදුකර තිබෙනවා.

මෙම රු.2500 ක මාසික දීමනාව රජයේ සේවකයින්ට පමණක් ලබා දීමට මෙවර ක්‍රියාත්මක කළත්, රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතන සේවක පිරිස්වලටද එකී වැටුප් වැඩිවීම ලබාදීමට මීට පෙර සිටි සෑම රජයක්ම ක්‍රියාකර තිබෙන බව මෙහිදී සිහිපත් කිරීමට කැමතියි.

මීට අමතරව අය-වැය යෝජනාවක් මඟින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමකදී එම ප්‍රමාණය නොවූවද යම් ප්‍රමාණයකින් හෝ පෞද්ගලික අංශයේ සේවක පිරිස්වල වැටුප් වැඩි කිරීමට ද මීට පෙර අප නියෝජනය කළ ආණ්ඩු කටයුතු කර ඇත.  ඒ අනුව මුදල් අමාත්‍යවරයා හා කම්කරු අමාත්‍යවරයා විසින් පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර එම අංශවල වැටුප් වැඩි කිරීමට අපට හැකි විය.

නමුත් අවාසනාවකට වත්මන් ආණ්ඩුව යටතේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට කිසිදු සාකච්ඡාවක් තබා ඒ ගැන  සිතාවත් නොමැතිවීම කණගාටුවට කරුණකි.  එබැවින් පෞද්ගලික අංශයටද යම් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදීමට හැකි ආකාරයකින් ආණ්ඩුව තම උපරිම මැදිහත්වීම ලබාදිය යුතුව ඇත.

එපමණක් නොවෙයි මේ ආණ්ඩුව බලයට පැමිණීමට වතුකරයේ ජනතාවගේ ඡන්ද බලයද උපයෝගී කරගත්තත් ආණ්ඩුව වසර 4 ½ ක් තිස්සේ වතුකරයේ ජනතාව රැවටූ බව ප්‍රකාශ කරන්නේ මෙම ආණ්ඩුවම නියෝජනය කරනු ලබන වතුකරයේ නායකයින්වීම අභාග්‍යට කරුණකි.

දෛනික දීමනාව රු.1000 ක් කරන බව ප්‍රකාශ කරමින් දිගින් දිගටම වතුකරයේ ජනතාව තවදුරටත් රැවටීමට ක්‍රියා නොකරන ලෙසද අපි ආණ්ඩුවට දැනුම් දෙන්නෙමු.

ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා අනුව, අප රටෙහි සේවකයින්ගේ මූලික වැටුප පහත වැටී ඇති බැවින්, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට රු. 2500 ක මාසික දීමනාව ලබාදීමටත්, පෞද්ගලික අංශයේ හා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමටත් වහාම ආණ්ඩුව මැදිහත් විය යුතුව ඇත.

2019 ජූලි මස සිට රාජ්‍ය අංශයට ලබා දුන් එම දීමනාව අර්ධ රාජ්‍ය අංශයන්හි සේවකයින්ටද  වහාම ලබාදීමට කටයුතු කරන ලෙස එකී සේවකයින් වෙනුවෙන් ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙසත්  ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ බැංකු වාර්තා අනුව සේවකයන්ගේ මූලික වැටුප පහත වැටිලා !
මහ බැංකු වාර්තා අනුව සේවකයන්ගේ මූලික වැටුප පහත වැටිලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb27EuiceTzrw_FPiIotLyLhmhMGAtgteShglPNqarRRiLdVALqAoHhZAGvWcoYSr8eY_rhPzNmrUfGBW8oLi_awGFC0iMkLUKidnmpa2FuFeDctrbxZFz5n6D-bvlgUifJt-SuffOb9NS/s320/employment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb27EuiceTzrw_FPiIotLyLhmhMGAtgteShglPNqarRRiLdVALqAoHhZAGvWcoYSr8eY_rhPzNmrUfGBW8oLi_awGFC0iMkLUKidnmpa2FuFeDctrbxZFz5n6D-bvlgUifJt-SuffOb9NS/s72-c/employment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy