දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද
Homeප්‍රවෘත්ති

දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද

PropellerAds

ව ත්මන් රජය මෙතෙක් දින 84ක්ව පැවති ප්‍රසූති නිවාඩුව දින 42ක් දක්වා කප්පාදු කරමින් දරුවන්ගේ කිරිබීමේ අයිතිය පවා උල්ලංඝනය කර ඇති බව පෙරටුගාම...

ජනාධිපතිවරණයට පෙර කැබිනෙට්ටුවට අලුත් මූණු!
උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!
‘Channel 4’ ලංකාවේ පාස්කු ප‍්‍රහාරය ගැන ලොව කළඹන හෙලිදරවුවක!
ත්මන් රජය මෙතෙක් දින 84ක්ව පැවති ප්‍රසූති නිවාඩුව දින 42ක් දක්වා කප්පාදු කරමින් දරුවන්ගේ කිරිබීමේ අයිතිය පවා උල්ලංඝනය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. 

"ආණ්ඩුව මේ වෙනකොට රජයේ සේවකයින්ට තිබුණු දින 84ක ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා තියෙනවා. මේක ඉතාම බරපතළ අමානුෂික ක්‍රියාවක්. මීට කලින් තිබුණු ආණ්ඩුවත් මේක කරන්න උත්සාහ ගත්තා, ඒවෙලාවෙ වෘත්තීය සමිති විරුද්ධ වුණු නිසා ඒ ආණ්ඩුව මේක හකුළාගත්තා. ඒ ආණ්ඩුව හකුළාගත්තු එකක් තමයි වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් ඉන්නෙ. 

ඒනිසා අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා මේක සාධරණීකරණය කරන්න කිසිම තර්කයක් නෑ. දවස් 84ක් දෙනවා නිල නිවාඩුව. ඒ වගේම තව දවස් 84ක් ගන්න පුළුවන් අඩවැටුප් සහිතව. තවත් දවස් 84ක් ගන්න පුළුවන් වැටුප් රහිතව. එතරම් කාලයක් ලබාදෙන්නෙ දරුවාගේ කිරි ලබාගැනීමේ අයිතිය වෙනුවෙන්. වෛද්‍යවරු කියනවා මාස 6ක් කිරි දෙන්න කියලා. දැන් මේ ආණ්ඩුව කියනවා මේ නිලධාරීන්ට මාස එක හමාරෙන්, සති හයෙන් රස්සාවට එන්න කියලා. 

අපි දන්නෑ මේ චක්‍රලේඛ ගහන, මේ නියෝග නිකුත් කරන උන්නැහැලා කිරි බීලද හැදුණෙ කියලා. ඒ තරම් සැකයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ අම්මලා, සාමාන්‍යයෙන් ඕනෙම සාමාන්‍ය දැනූමක් තියෙන කෙනෙක් දන්නවා ඒ කාලෙට අම්මලාට කිරි එරෙනවා. ඒනිසා කාර්යාලවලට ඇවිල්ලා ඒ කාර්යාලවල විශාල ප්‍රශ්නයක් වෙනවා. මේක ඉතාම අමානුෂික ක්‍රියාවක්. 

මීට කලින් අපි අහලා තියෙනවා 1848 කැරැල්ල වෙලාවෙ කතාවක් ආවා සුද්දා තනකිරටත් බද්දක් ගහන්න හදනවා කියලා. මව්කිරිවලටත් බද්දක් ගහන්න හදනවා කියලා. හැබැයි සුද්දා එහෙම කළේ නෑ. ඒත් මේ ආණ්ඩුව මොකද්ද දැන් කරලා තියෙන්නෙ ? මේ ආණ්ඩුව කරලා තියෙන්නෙ මෙතෙක් තිබිච්ච අයිතිවාසිකමක්, දරුවන්ට කිරි ලබාගැනීමේ අයිතිය, දරුවාගේ අයිතිය ඒක තමයි උල්ලංඝනය කරලා තියෙන්නෙ. 

විශෙෂයෙන්ම අපි පොහොට්ටුවට ඡන්දය දීපු අම්මට තාත්තට සහෝදරයාට සහෝදරියට අපි කියනවා දැන් පොහොට්ටුවට ඡන්දෙ දුන්නා කියලා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නා කියලා කොන්ද දුන්නෙ නෑනෙ ? ඒනිසා මේවගේ අසාධාරණ දේවල් වෙද්දි මේවාට කතා කරන්න. අපි පුදුම වෙනවා සමහර ඒ පවුල්වල අය මේ දුක විඳගෙන ළමයින්ව අරගෙන ත්‍රීවීල්වල තියාගෙන ඒ කාර්යාල ඉස්සරහා ඉන්නවා. මේකට විරුද්ධ වෙන්න හයියක් නැද්ද කියලා අපි අහන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දුමින්ද නාගමුව මහතා මේ බව පැවසුවේ ප්‍රසූති නිවාඩු කප්පාදුවට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර මාධ්‍ය අමතමිනි.  


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද
දින 84 ප්‍රසූති නිවාඩුව 42ට කප්පාදු කරලා... මේ ආණ්ඩුව දරුවන්ගේ කිරිබීමේ අයිතියත් උදුරාගෙන - දුමින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy4SBy5ThoxSBKwqL5MvaeArynCid8ssVsjExptvZoq4CODnKJMNFXvFls-rTbE0Pn6MZGHFEznjNO6pCRtkEQ02HU9VUzgmS_H841zUzGDEtC95IJa2GQtCCY1fIXgFcZwkBZQ_R85tI/s320/image_711cdc4877.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjy4SBy5ThoxSBKwqL5MvaeArynCid8ssVsjExptvZoq4CODnKJMNFXvFls-rTbE0Pn6MZGHFEznjNO6pCRtkEQ02HU9VUzgmS_H841zUzGDEtC95IJa2GQtCCY1fIXgFcZwkBZQ_R85tI/s72-c/image_711cdc4877.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/84-42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/84-42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy