දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා

PropellerAds

පා ස්කු බෝම්බය පිපිරී යාමට විනාඩි 43කට පෙර එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මෛත්...

ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)
ලිසිං ආයතනවලට වැඩ වරදී..අත්පත් කරගත් වාහන කොල්ලකෑම යටතේ නඩු දැමීම ඇරඹේ – පොලිස්පති දුන් නියෝගය මෙන්න
පෙරටුගාමී උද්ඝෝෂණයට පහර දීමෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙලෙසුණා - වාසු
පාස්කු බෝම්බය පිපිරී යාමට විනාඩි 43කට පෙර එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විනාඩියයි තප්පර 3ක දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බව හෙළිවිය.

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

එම සංවාදය මෙසේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ සමග දුරකතනයෙන් සම්බන්ධ වුණාද යන්නය.

“ඔව් මම සිංගප්පුරු රෝහලේ ඉදලා හෝටලයට ආවා විතරයි නිලන්ත ජයවර්ධන මහත්මයා මට කතා කළා. මේ පිපිරීම ගැන කිව්වා. විශාල වශයෙන් ජීවිත විනාශ වෙලා තියෙනවා කියලත් කිව්වා. මේ වගේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කළින් දැනුවත් කරලා තිබියදීත් අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත් කිව්වා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

කෙසේවෙතත්, එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම් සභාවේ විශේෂ අවධානය දුරකතන වාර්තා දෙස යොමු කරමින් පෙන්වා දුන්නේ, “හිටපු ජනාධිපතිතුමනි, ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවුණාට පස්සෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබව දැනුවත් කළේ කියලා. නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පුරුවේ සිටි ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ මෙරට වේලාවෙන් පෙ.ව  8.02 ට පමණ. විනාඩියයි තත්ත්පර 03ක ඇමතුමක් ලෙසයි මෙය සටහන් වෙන්නේ. පළමු බෝම්බය පිපිරුවේ පෙ.ව 8.45ට. ඒ කියන්නේ මේ ඇමතුම සඳහන් වෙන වෙලාව වෙනකොට බෝම්බ පිපිරිලා නැහැ නේ,” දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා, “නැහැ මට තොරතුරු හම්බුනේ පිපිරුණාට පස්සේ යැයි පිළිතුරු දෙමින් පැවසීය.” 

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා
පාස්කු බෝම්බය පිපිරෙන්න විනාඩි 43කට කලින් නිලන්ත මෛත්‍රිට කෝල් කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmiMinH0AuBJWiLUX4OEJ2Vhnfe00IRI5AteD8M4EXlfpzA6OGV8acGCnPMKRhOPysu0d1IPuJHzLwwIzfS3g8Qf22QShKszBPqf0CcJEz1GiH7Tj2TUPJTc1s0Ot7AHjaWy5NzO5Xhfw/s320/maithripala-sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmiMinH0AuBJWiLUX4OEJ2Vhnfe00IRI5AteD8M4EXlfpzA6OGV8acGCnPMKRhOPysu0d1IPuJHzLwwIzfS3g8Qf22QShKszBPqf0CcJEz1GiH7Tj2TUPJTc1s0Ot7AHjaWy5NzO5Xhfw/s72-c/maithripala-sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy