දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)
Homeප්‍රවෘත්ති

ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)

PropellerAds

මැ ර පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක්වූ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද අලුයම ඔහුගේ ...

වවුනියා දිස්ත්‍රික් ජනතා සංවිධානයේ සභාපතිවරයාට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට කැඳවීමක්
"මීළඟටත් ප්‍රධාන අමාත්‍ය ධූරයත් හිමි වන්නේ මට" - විග්නේස්වරන්ගෙන් සහතිකයක්
නිරිත දිග මුහුදේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැ
මැර පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක්වූ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද අලුයම ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ.
ඝාතනය වනවිට ඒ මහතාගේ 53 වන වියෙහි පසුවිය.

සුනිල් ජයවර්ධන මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ කොරෝනා වසංගතය නිසා ණය ආපසු ගෙවීම ප්‍රමාද වූ තම සගයෙකුට සහනයක් ලබාගැනීමට මැදිහත්වූ අවස්ථාවකදී ය.

නුගේගොඩ, ඇඹුල්දෙනියේ මූල්‍ය ආයතනයකදී පහරදී මේ ඝාතනය සිදුකර තිබුණි.

තම සගයෙකුගේ ත්‍රිරෝද රථය මූල්‍ය ආයතනය රැගෙන ගොස් තිබුණේ එහි ණය වාරිකය ආපසු ගෙවීමේදී ඇති වූ ප්‍රමාදයක් නිසා ය.

රජය ප්‍රකාශයට පත්කර ඇති වැඩපිළිවෙළ අනුව සහන ලබාදෙන්නැයි ඉල්ලා සුනිල් ජයවර්ධන මහතා දිගින් දිගටම හඩ නැගුවත් අවසානයේ ඔහුට ජීවිතය අහිමි විය.

ඝාතනයට ලක්වූ ජයවර්ධන මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සුනිල් ජයවර්ධන මහතාගේ බිරිඳ –

මගේ මහත්තයා අද මට මගේ පවුලට මගේ දරුවන්ට නැතිවෙලා ඉන්නේ. අපේ පෞද්ගලික දේකටවත් දරුවන්ගේ දේකටවත් එයාගේ පුද්ගලික දේකටවත් නෙවෙයි. මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන ලීසිං වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා තමයි මගේ මහත්තයා අද බිලිවෙලා ඉන්නේ. මෙච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට ෆේස්බුක්වලින් මාධ්‍යවලින් එයා කිව්වා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. ඒත් කිසිකෙනෙක් මේ දිහා බැලුවේ නෑ . මේක ගැන බලලා හරියට තීන්දුවක් ගත්තේ නැති නිසා තමයි මේ දේ වුණේ.

පහරදී සිදුකළ මේ ඝාතනය සම්බන්ධයෙන් සැක 8දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

සැකකරුවන් සම්බන්ධ තොරතුරු අප සතුව ඇතත් ඒවා අනාවරණය නොකරන්නේ තවමත් හඳුනා ගැනීම පෙරට්ටුවක් පවත්වා නොමැති නිසා ය.

දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් වරින් වර පැමිණ සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් සිටී.

දේහය පිළිබඳ අවසන් කටයුතු 14වැනි ඉරිදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

මේ අතර සුනිල් ජයවර්ධන මහතා සමග විවිධ අරගලවලදී එක්ව ක්‍රියා කළ කණ්ඩායම අද කොළඹ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු කිහිපයක් අනාවරණය කළේ ය.

මාධ්‍ය හමුවට රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා පැමිණීම සම්බන්ධයෙන් ඊට සහභාගී වූ අයෙකු අප්‍රසාදය පල කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා

මෙතන පිටිපස්සේ ඉන්නේ කවුද මෙතන පිටිපස්සේ ඉන්නේ කවුද. මෙතන හොයන්න ඕනේ ඒක. අද සුනිල් ජයවර්ධනගේ ෆෝන් එක කෝ . සුනිල් ජයවර්ධන අන්තිම කෝල් එක ගත්තෙ මට 4.30 ට. මගේන් පස්සේ කෝල් එක ගන්න කොට මගෙන් පස්සේ ඒ දේවල්වලට සිද්ධ වෙච්ච දෙයක් නෑ. මිරිහාන කියන්නෙ හද්ද වන්නිය ද . අපි අහනවා . අධි ආරක්ෂක කලාපයක්. ඇයි එහෙනම් ඒ ස්ථානවල CCTV දර්ශන බලන්නේ නැත්තේ. ඇයි බලන්නේ නැත්තේ . අපි කතා කරනකොට ෆෝන් එකේ රිංස් ගියා. අපි හිතුවේ ෆෝන් එක පොලීසියේ කියලා. අද ෆෝන් එක නෑ. අපි අහන්නෙ ඒක මේ ඝාතනයට සම්බන්ධ 08 දෙනාගේ දුරකතන වාර්තා බැලුවද? ඔවුන් කා එක්ක ද කලින් බිව්වේ. කවුද මේ අයට මේවා කරන්න කිව්වේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා

මේ තියෙන්නේ රජයෙන් නිකුත් කරපු මහා බැංකුවෙන් නිකුත් කරපු ඔය ලීසිං සහනය දෙනවා කියලා කියලු අපිව රවට්ටපු චක්‍රලේඛනය. බෙහෝම පැහැදිලිව සටහන් කරලා තියෙනවා . මේකේ මේ විදිහට මේ සහන දෙනවා කියලා .හැබැයි එහෙම සඳහන් කරලා මේ චක්‍ර ලේඛනයේම ලස්සනට සඳහන් කරලා තියෙනවා. ණයක් ගත්තාම කොහොමද ණය දෙන්නෙ කොහොමද මොනවද ලැබෙන සහන කියලා. ඔය කියන ෆිනෑන්ස් කොම්පැනිවලට ගහලා තියෙනවා. මේක අය කරන්නේ කොහොමද ඒකට පොලිය අය කරන්නෙ කොහොමද කියලා. ඒ පැත්තට දීලා තියෙනවා. මේකේ අපිට රවට්ටලා ඒ ආයතනවලට වෙනම චක්‍ර ලේඛනයක් ගහලා තියෙනවා. 2020 මැයි 04 වෙනිදා. මේ චක්‍ර ලේඛනය යටතේ තමයි ෆිනෑන්ස් කොම්පැණි කියන්නේ අපි පොලිය අය කරනවා කියලා. අපි රැවටිලා තියෙන්නේ. මේ චක්‍ර ලේඛනය නිකුත් කරාට මේ ආයතන එක්ක කතා කරලා නෑ . ඒ ආයතන කිව්වාම අපිට මේක පවත්වාගෙන යන්න බෑ කියලා. ඒ අයට වෙනම චක්‍ර ලේඛනයක් දීලා ආ මෙහෙම පොලිය අපි කර ගනිල්ලා කියලා. මේක තමයි මෙතන තියෙන සුරංගනා කතාව.

පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා

මේ රටේ ලීසිං පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නියාමන ස්ථානයක් නෑ . මේ සමාගම්වලින් ගන්න පොලිය ඉතාම වැඩියි.ඒ පොලියෙන් පාතාලය නඩත්තු කරනවා. මේ ඝාතනය වෙනත් පැතිවලට අරන් යනවට අපි විරුද්ධයි. මෙහි යම් සැඟවුණු දෙයක් තියෙනවා . මැරිච්චි පුද්ගලයෙක්ට පවා අපහාස කරන පුද්ගලයෙක්. මහින්ද කහදගම කියන පුද්ගලයා මෙහෙම අපහාස කරනවා. එතුමා කියනවා සුනිල් ජයවර්ධන මැරුම් කයි 2015 යහපාලන ආණ්ඩුවට මුක්කු ගැසූ මුන් දෙන්නා මට අසත්‍ය චෝදනාවක් එල්ල කරා. මූට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම හිතා ගන්නත් බෑ . ඔහුගේ දුව දානවා . අපිට අද හොදටම සතුටු තව දවසක් පාන්දර 2 ට තමයි අපි දන්නේ අපි හොදටම සතුටු වුණා කියලා. අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මේ කහදගම කියන පුද්ගලයා මේකට සම්බන්ධ ද ,ආණ්ඩුවේ මන්ත්‍රීවරයක් මේ මහ නගර සභාවේ ඉන්න නිසා අපිට සැකයක් තියෙනවා. ආණ්ඩුවත් මේකට සම්බන්ධ ද කියලා ස්වාධීන පරීක්ෂණයක් ඕන.

මේ අතර විවිධ ස්ථානවලදී අදත් සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය පිළිබඳව අදහස් පලවිය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

මේ ලීසිං සමාගම ජනාධිපතිවරයාගේ සහ මහ බැංකු නිවේදනය ගන්න ගන්නේ නැති ආයතනයක්ද? එතකොට රටේ එවන් සමාගම්, සංවිධාන, ආයතන පැවතිය හැකිද? රුපියල් 35000 ක් තරම් ඉතාමත් සුළු මුදලකට මහා දවාලේ මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම තරම් මිලෙච්ඡත්වයට පත්වුණේ මේ ලීසිං සමාගම්වල මැර කල්ලි. ඒ මැර කල්ලි හදුන්වන්නේ සීසර් කණ්ඩායම් කියලා. සීසර් කණ්ඩායම් හැසිරෙන විදිහට සමස්ත ලෝකයම පිලිකුල් කරන වැඩපිළිවෙළක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක වාසුදේව නානායක්කාර මහතා

දැන් මෙහෙම නීතියක් නෑ. සීසර් කියලා එකක් නෑ. අපේ නීතියේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ එක්කො පොලීසිය, එක්කො උසාවිය. මැරවරයින්ට, පාතාලවුන්ට නීතිය අතට ගන්න බෑ. නමුත් මෙතන වෙලා තියෙන්නෙ ඒකයි. මේක භුක්ති විදින්නේ ඇත්ත අයිතිකරුවා. නමුත් ලියලා තියන පරම අයිතිකරුවා කොම්පැණිය. එතකොට මේ කොම්පැණියට මෙයා වාරිකයක් ගෙව්වයි කියලා. නොගෙව්වයි කියලා ඒක උදුරගෙන එන්න පුළුවන්ද? පැහැරගෙන එන්න පුළුවන්ද? ඒ නිසා වහාම මේ ලීසිං කොම්පැණිවල. අයිතිය නවත්තන්න ඕන. ඒක වළක්වන්න පොලීසිය මගින් සියලුම ලීසිං කොම්පැණිවලට නියෝගයක් නිකුත් කල යුතුයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා

මේ ෆිනෑන්ස් කොම්පැණිය කොම්පැණිය පාලනය කරන්නේ කවුද? මහ බැංකුව. මහ බැංකුවේ ලියාපදිංචි නැති ඒවට මේවගේ තත්ත්වයන් ජනතාවට එරෙහිව ඇති කරන ක්‍රියාදාමයන්වලට මහ බැංකුව මොනාද කරන්නෙ? ආණ්ඩුවක් විදිහට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගේ? මෙහෙම දිගින් දිගටම කඩ මිනිස්සුන්ට තලා පෙලන කඩ ආකාරේ ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යන්නට ආණ්ඩුව ඉඩ දෙනවද?

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා

මේ අහිංසක අසරණ වැදගත් මනුස්සයා මැරුණේ මේ ලීසිං එකක් සම්බන්ධව මේ කොම්පැණියට ගිහිල්ලා. කවුද මේක වුණේ? කොහොමද මේක වුණේ? මේ සහන හරියට දුන්නා නම් ඔය මරණේ වෙන්නේ නෑ. ආණ්ඩුව කියන්නේ සම්පූර්ණ බොරු. මේ ගොල්ල කියන දේවලුත් මේ ගොල්ලගේ කපුටු කාක් කාක් කියන මිනිස්සුන්ගේ දේවලුත් පිළිගන්න එපා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)
ඝාතනය වූ සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය කෝ? (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJk0YB3hWMXsVzWpkfBnb1Fhs2S4RchNVsy1T9rBzEphT9o7uDwo2k2wHRG76V4OjCiYz4HsWlTkZy4I4oRe1lH_uahQkjkuDqgx6hcNNXSGANh0OLemWPg0FIO2RARS_CEuep3z6dQfc/s320/af0b3c4d-9aea18f1-sunil_850x460_acf_cropped.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJk0YB3hWMXsVzWpkfBnb1Fhs2S4RchNVsy1T9rBzEphT9o7uDwo2k2wHRG76V4OjCiYz4HsWlTkZy4I4oRe1lH_uahQkjkuDqgx6hcNNXSGANh0OLemWPg0FIO2RARS_CEuep3z6dQfc/s72-c/af0b3c4d-9aea18f1-sunil_850x460_acf_cropped.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/video_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/video_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy