වි සිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැ...
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, Daily Mirror පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්, විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.
තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමට පෙර, අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කළේ, පක්ෂ නායක රාවුෆ් හකීම් ගේ ද ආශිර්වාදය ඇති ව බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

COMMENTS