දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ටීම් එකට ඕවර 50ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක් - 96 ලෝක සූර නායකයා අද කණ්ඩායම පතුරු අරී
Homeප්‍රවෘත්ති

මේ ටීම් එකට ඕවර 50ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක් - 96 ලෝක සූර නායකයා අද කණ්ඩායම පතුරු අරී

PropellerAds

ච න්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍...

ranil wickramasinghe
රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න..
මහ මැතිවරණයේදී එජාප අගමැති අපේක්ෂකත්වය කරුට !
න්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයකු ලෙසට දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයකු සංචිතයේ සිටීම වැදගත් බවද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

ඒ ඔහු අද (19) උදෑසන ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍රජා සත්කාරක වැඩසටහන කඩවත දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී පැවැත්විණ.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට ඇවැසි වටපිටාව ඉක්මනින්ම ඇති කළ යුතු බවයි.

“පළමු වැනිව අපි මේ වෙලාවේ සංචිතය ගැන කතා කරනවාට වඩා තෝරා ගත් ළමයින්ට විශාල ශක්තියක් ලබා දිය යුතු වනවා. රටට ගෞරවයක් ගෙන එන්න ඔවුන්ට ශක්තිය සහ වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කළ යුතු වනවා. නමුත් දෙවැනුව ගැඹුරින් බලන විට මේ සංචිතය ගැන මට නම් සෑහීමකට පත් වෙන්න බැහැ. අපි ලෝක කුසලාන තරගාවලියකට යැවිය යුත්තේ ශක්තිමත් කණ්ඩායමක්. එහි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ද සිටිය යුතු වනවා. ඒ අතින් බැලූ විට මෙවර කණ්ඩායමට ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනකු ඇතුළත් නොමැති වීම ලොකු අඩුපාඩුවක්. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක්. කණ්ඩායමට ඕවර් පනහ ගහන්න පුළුවන් ක්‍රීඩකයින් සිටිය යුතු වනවා. නමුත් අද එවැනි ක්‍රීඩකයින් අපේ කණ්ඩායමේ ඉන්නවද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා අපි එක එක්කෙනාගේ පෞද්ගලික රුචි අරුචිකම් මත කණ්ඩායමක් තේරිය යුතු නැහැ. එහෙම නොකළානම් මීට වඩා හොඳ කණ්ඩායමක් අපිට තෝරා ගන්න තිබුණා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

වැඩිදුරටත් ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ලසිත් මාලිංගට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා කළ වාග් ප්‍රහාරය කොතරම් දුරට කණ්ඩායමේ මානසිකත්වයට බලපානු ඇතිද යන්නයි.

“සූදුකාරයොයි, ක්‍රිකට් ගහපු නැති මිනිස්සුයි, ඔය ක්‍රීඩා සමාජවලට ටිකක් ක්‍රීඩා කරපු මිනිස්සුයි තමයි අද ක්‍රිකට් දුවන්න හදන්නේ. ඔවුන් හදනවා ක්‍රීඩයින්ට ක්‍රිකට් උගන්වන්න. විශේෂයෙන්ම පසුගිය දිනක ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හරහා ලසිත් මාලිංගට ක්‍රිකට් උගන්වන්න හැදුවා. ක්‍රිකට් සභාපතිවරයාට තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව කරන්න නෙමෙයි. ක්‍රීඩාවට අත ගහන්න නෙමෙයි. අද සූදූකාරයෝ තමන්ගේ ක්‍රියාදාමය වෙන මිනිස්සු දාලා කරවනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්….”යි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. දැන් රටක් හැටියට සියලු දෙනා එක්ව කණ්ඩායමට සුබ පැතිය යුතු යැයිද ඔහු අවධාරණය කළේය.

“දැන් කණ්ඩායම තෝරලා ඉවරයි. දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට එක් කිරීම බොහෝම අපහසුයි. ඒ සඳහා තියෙන්නේ සීමිත අවස්ථාවක්. ඒ නිසා දැන් තෝරා ගත් සංචිතය ලෝක කුසලානය සඳහා සූදානම් කිරීම වැදගත් වෙනවා. ලෝක කුසලාන තරගාවලිය කියන්නේ විශාල තරගාවලියක්. අවසන් පූර්ව තරගයකට එන්න තරග පහක් හයක් දිනන්න ඕන. එංගලන්තේ තියෙන්නේ. ඍණාත්මක තත්ත්වයන් වැඩියි. ඒ නිසා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ක්‍රිකට් ගැන විතරක් හිතලා ඉදිරියට කටයුතු කරන්න ඕන. මනස එක අරමුණක තියා ගෙන ක්‍රීඩා කරන්න ඕන. එහෙම වුණොත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන්….”

– තමීර මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ටීම් එකට ඕවර 50ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක් - 96 ලෝක සූර නායකයා අද කණ්ඩායම පතුරු අරී
මේ ටීම් එකට ඕවර 50ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක් - 96 ලෝක සූර නායකයා අද කණ්ඩායම පතුරු අරී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR-ejRVzn-fclbnKegE1U8-Tbd1YqE7CyP13qDUgUq_jhtCsVjS95X-Y8RVyHVB6HkY7NFcuf3nZ4wNjvXkdKMcmq7FZCMQ-iiZgGOwbTUBNh-rH67XnYHlYN1cOlFqvZo4Xjc5CFAuWZF/s320/arjuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR-ejRVzn-fclbnKegE1U8-Tbd1YqE7CyP13qDUgUq_jhtCsVjS95X-Y8RVyHVB6HkY7NFcuf3nZ4wNjvXkdKMcmq7FZCMQ-iiZgGOwbTUBNh-rH67XnYHlYN1cOlFqvZo4Xjc5CFAuWZF/s72-c/arjuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/50-96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/50-96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy