වෙ ලද පොලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතින. ඒ සඳ...
වෙලද පොලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතින.
එහිදී අමාත්‍යංශ නිලධාරීන් පෙන්වා දුන්නේ තමන් සතුව ඇති සංඛ්‍යා ලේඛණ අනුව රට තුළ කිසිම සහල් හිගයක් නැති බවයි.
රට තුළ මේ වන විට වී තොග සඟවා ගෙන ඇති බවත් එසේ නොමැතිව සහල් හිගයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ කොතැනක හෝ ලංකාවේ සගවා ඇතැයි කියන සහල් හෝ වී තොග පෙන්වන්නැයි අභියෝග කරන බවයි.
ඇමැති බන්දුල ගුණවර්ධනගේ ද ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ සංඛ්‍යා ලේඛන වල ඇති නිෂ්පාදනය මෙරට තුළ නැති බවයි.
මෙරට වැඩිම වී තොග ඇත්තේ තමාට සතුව වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙළඳ අමාත්‍යාංශය පවසන සංඛ්‍යාලේඛන මත කිසිසේත්ම මෙරට තුල වී අස්වැන්නක් නොමැති බවද ඔහු කියා සිටියේය.

COMMENTS