අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත බගවන්තලාව පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළ...
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත බගවන්තලාව පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිසියට මාරු කර යවා තිබේ.
බගවන්තලාව පොලීසියේ ප්‍රකාශකයෙකු කියාසිටියේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි.
සොරකමක් සම්බන්ධයෙන් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට දින 04 ක් තිස්සේ පොලිස් ස්ථානය තුලදී අදාළ නිලධාරියා පහරදී ඇති බවට එල්ල වූ චෝදනාව මත මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.
COMMENTS