තලවතුගොඩ කළල්ගොඩ ප්‍රදේශයේ රජය විසින් ඉදිකර ඇති නිවාස සංකීර්ණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ...
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින නවක මන්ත්‍රීවරුන් රැසක්ද නිල නිවාස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
නවක මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට පාර්ලිමේන්තු සතියේදී කොළඹ සිටින සිය ඥාතියකුගේ නිවසක හෝ හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇති බවට එම මන්ත්‍රීවරුන්ම පැමිණිලි කර තිබෙනවා.
මේ පිළිබඳ අවධානය යොමු කළ සභා නායකවරයා ඇතුළු කිහිප දෙනෙක් නිවාස ගැටලුවට විසඳුමක් ලෙස වෙනත් ස්ථානයකින් නිවාස ලබා දීම කෙරෙහි අවධානය යොමු කර කළල්ගොඩ පිහිටි රජයේ නිවාස සංකීර්ණය ඒ සඳහා යෝග්‍යයද යන්න පරීක්ෂා කිරීමටද තීරණයක් ගත් බව වාර්තා වනවා.
COMMENTS