දෙමළ දේශපාලනඥයින් කිළිනොච්චියේ හා මුලතිව් පළාත්වල ගංවතුර අනාථයින් ගේ සුවදුක් විමසා බැලීමක් නොකළ බවට කෙරෙන සියළුම ප්‍රකාශ තමන් විසින් තරයේ...
දෙමළ දේශපාලනඥයින් කිළිනොච්චියේ හා මුලතිව් පළාත්වල ගංවතුර අනාථයින් ගේ සුවදුක් විමසා බැලීමක් නොකළ බවට කෙරෙන සියළුම ප්‍රකාශ තමන් විසින් තරයේම ප්‍රතික්ෂේප කරණ බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පවසයි.
විග්නේස්වරන් මහතා එසේ පැවසුවේ 26 දා සවස කිළිනොච්චියේ හා මුලතිව් පළාතේ ගංවතුර අනාථයින්ට ලොරි හතාර්කින් බඩු පටවාගෙන පැමිණ ඒ බඩු අනාථ වැසියන් අතර බෙදා දුන් අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශපාලනඥයින් විපතට පත් ස්ථානයට වහාම පැමිණීමට වඩා වැදගත් වන්නේ විපතට පත්වූවන්ගේ සුබ සිද්ධිය සදහා යමක් කල්පනා කොට කිරීමෙන් බවද කියා සිටියේය.
තමන් ඇතුළු සියළුම දෙමළ දේශපාලනඥයින් මේ දිනවල සිදු කළේ එම කාර්යයන් බව පැවසූ විග්නේස්වරන් මහතා රජයේ අමාත්‍යවරුන් පැමිණෙන විට ජනමාධ්‍යයට මුහුණ දමාගැනීමට හෝ ප්‍රසිද්ධිය සදහා විපතට පත් වූවන් දැකීමට පැමිණීමෙන් පලක් නොමැති වගද විග්නේස්වරන් මහතා මෙහිදී සදහන් කළේය.
තමන් මේ වන විට විපතට පත් වූවන් සදහා විදේශ රටවල සිටින පිරිස් හා සංවිධානවලින් පවා ආධාර එකතු කරගෙන යන බවත් මේ ගංවතුර අනාථයින්ට ශ්ක්තියක් අවශ්‍ය වන්නේ අදට වඩා අනාගතයේදී බවද කියා සිටියේය.
රජයද මේ අවස්ථාවේදී අනාථයින්ට හාල් පරිප්පු ලබා දී සහන සලසනවාට වඩා දුගු කාලීන වැඩ පිළිවෙලක් ඔස්සේ ඔවුන්ව සුරක්ෂිත කළ යුතුව ඇති බව විග්නේස්වරන් මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
ගංවතුරෙන් විපතට පත් වූවන් බේරා ගැනීම සදහා ඉදිරිපත් වූයේ දෙමළ දේශපාලනඥයින් නොව ආරක්ෂක අංශ සාමාජිකයින් බව කියමින් දකුණේ බොහෝ සිංහල මාධ්‍ය විසින් දෙමළ දේශපාලනඥයින්ව අවතක්සේරුවට ලක් කරණ නමුත් දේශපාලනඥයින්ට එවැනි විපත් වලදී ජනතාව දියට පැන බේරාගැනීමට පුහුණුවක් ලබා දී නොමැති බව තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් එවැනි දේ හෝ ඉටුවියයුතු බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS