සිංහරාජ ලෝක උරුමය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදුකරන්නේ මෙම ප්රතවේශ මාර්ගය j.c.b. යන්ත්රන යොදා අඩි 8ක පාරක් ලෙස පුළුල් කරමින්...
සිංහරාජ ලෝක උරුමය තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදුකරන්නේ මෙම ප්රතවේශ මාර්ගය j.c.b. යන්ත්රන යොදා අඩි 8ක පාරක් ලෙස පුළුල් කරමින් එය කොන්ක්රීරට් ගල් අතුරා සකස් කිරීමය.
සමහර ස්ථානවල අඩි පහළොවක් විස්සක් තරම් මාර්ගය පුළුල් කර තිබෙන අතර එසේ කිරීම කිසිසේත්ම අවශ්යමය දෙයක් නොවන බව අප වාර්තාකරු පැවසිය.
මෙම ක්‍රියාවලිය නිසි ලෙස අධීක්ෂණයය කෙරෙන බවක් පෙනෙන්නට නැති බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු රුහුණ විශ්වවිද්යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා මෙසේ අදහස් දැක්විය.
"සැබවින්ම මෙම වනාන්තර කොටසට මෙවැනි පුළුල් මාර්ගයක් අවශ්යර නැත. මෙම කොටසට අවශ්යම වන්නේ අඩි හතරක පමණ පළලින් යුතු සංචාරකයන්ට වඩා හොඳින් පරිසරය සමග මිශ්ර විය හැකි පටු මාවතකි. කායික දුබලතාවයන් තිබෙන අයෙකුට වුනත් හොඳින් සංවර්ධනය කරන ලද අඩි හතරක පමණ මාර්ගයක් හොඳටම ප්රංමාණවත්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිංහරාජ අභ්යමන්තරයට යාමට පුළුල් මාර්ග අවශ්යබ නම්, ඔවුන්ට වටරවුම් පාර සංවර්ධනය කර භාවිතයට ගැනීමට පහසුවෙන් පුළුවන්. මෙම මාර්ගය ඉදිකිරීම සිංහරාජයේ සංචාරක ආකර්ෂණය දුර්වල කිරීමටත් ශාක හා සත්ත්ව විශේෂයන් වල පැවැත්මට සෘජුව සහ වක්රචව බලපෑම් කිරීමටත් සමත් ය. මෙම මාර්ග කොටස සංචාරකයන් අතර සතුන් නැරඹීම සඳහා ඉතාම ජනප්රි්යව පැවති කලාපයක්. මේ වන විටත් උරග විශේෂ, උභයජීවී විශේෂ කීපයක් නරඹන්න තිබුණු ඉතාම පහසු ස්ථාන කීපයක්ම මේ මාර්ග ඉදි කිරීමේ ක්රියයාවලිය සමඟ දැනටමත් බලපෑමට ලක් වී තිබෙනවා."
ඒ මහතා මෙලෙස සිදුවන බලපෑම සඳහන් කළේය.
• මෙම ක්‍රියාවලිය තුළ ශාක හා සත්ව විශේෂ වලට සිදු වූ සහ සිදුවන බලපෑම පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවධානයක් යොමුවී නැත.
• වනාන්තර කොටස් කුට්ටිකරණය හා ඉන් ඇතිවන බලපෑම්.
• පාංශු ඛාංශු ඛාදනය, ඉවුරු කඩාවැටීම හා නාය යාමට ඇති අවදානම පුළුල්වීම. දොරනඇල්ල සමීපයේ තිබෙන කුකුලා වංගුව ප්රුදේශයේ නාය යෑමේ දැඩි අවදානමක් තිබෙන ස්ථානයක්. මෙවැනි ඉදිකිරීම් හරහා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන්න පුළුවන්.
• ජල මූලාශ්රේ දූෂණය වීම, අවසාදනය වීම සහ ඒවායේ බලපෑම්. ඉවුරු කැපීම, පස් තුනි කිරීම් සහ අනවශ්ය පස් ඉවත් කිරීම් ක්රිසයාවලි හරහා මේ දේවල් දැනටමත් සිදු වී තිබෙනවා. වර්ෂාවත් සමග මේවා තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්
• සත්ව විශේෂ ප්රශදේශයෙන් ඉවත් වීම හා එය සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය හීනවීමට බලපෑම.
• ප්‍රවේශ වීමේදී මේ අයුරින් භූ දර්ශනයේ සිදුවන වෙනස්වීම් සංචාරක ආකර්ෂණය සහ ආකල්ප වලට ඇති කරන බලපෑම.
• යම් හේතුවක් නිසා පසු පසුකාලීනව මෙම කොටසේ වාහන ධාවනයට අවසර දුනහොත්, මාර්ග අනතුරුවලින් මියයන සත්ව විශේෂ සංඛ්යාව තීරණාත්මක ලෙස ඉහළ යාමට තිබෙන හැකියාව.
(මාතර කැලුම් බෝධිමාන)
COMMENTS