දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !

PropellerAds

“වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. 2016 වසරේ අප...

ළහිරු වීරසේකර හා සුගතානන්ද හිමි 28 දක්වා රක්ෂිත බන්ධනාගරයට
ලැඟුම්හල්වලට අලුත් නීතියක් - ළමා රක්ෂණ අධිකාරිය වැටලීම් අරඹයි
"මාධ්‍ය මඟින් මාව අපකීර්තියට පත් කරලා - මම කවදාවත් නායකතුමාට එරෙහි වෙන්නේ නැහැ" - කරූ ජයසූරිය පිළිතුරු දෙයි
“වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග” ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස 13 පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ ජනාධිපතිතුමා එසේ පැවසීය.

ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමා “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිතුමා පැවසීය.

“වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිතුමා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගල්ප්පත්ති මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !
ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE26QPDIjOHY7JThJyX8zkofZFzKocyYr3kEb4IdZQZaVWFkNSgUbxF1dmBRo86TfR5dN-dXwYBDJFybdE_C1gLeOWbO5muL7mB97-_DFaC8_a8_S7aEDXMJB_K7iyg3XqdX4uOmyh8g4/s320/0121.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE26QPDIjOHY7JThJyX8zkofZFzKocyYr3kEb4IdZQZaVWFkNSgUbxF1dmBRo86TfR5dN-dXwYBDJFybdE_C1gLeOWbO5muL7mB97-_DFaC8_a8_S7aEDXMJB_K7iyg3XqdX4uOmyh8g4/s72-c/0121.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_707.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_707.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy