“මම පස්සේ දොරෙන් අගමැති වීමට හෝ එජාප නායක වීමට කවදාවත් උත්සහය කරන්නේ නැහැ.”යැයි කථානයක කරූ ජයසූරිය මහතා පවසයි. ඒෂියන් මිරර් වෙත අදහස් ද...
“මම පස්සේ දොරෙන් අගමැති වීමට හෝ එජාප නායක වීමට කවදාවත් උත්සහය කරන්නේ නැහැ.”යැයි කථානයක කරූ ජයසූරිය මහතා පවසයි.
ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමන්ට සැමදාම අවශ්‍ය වූයේ පක්ෂයේ එකමුතුභාවය හා සමඟිය ස්ථාපිත කිරීම බවත් පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වීමට තමන්ට කිසිදු අදහසක් ද නොමැති බවත්ය.
මාධ්‍ය මඟින් තමන්ව අපකීර්තියට පත් කර ඇති බවට මාධ්‍ය වෙත චෝදනා කරමින් ජයසූරිය මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.
“මම කවදාවත් අගමැති වෙන්න උත්සහ කරලා නැහැ. මට එහෙම කරන්න කිසිම හේතුවකුත් නැහැ. පක්ෂයේ අනුමැතිය නැතිව මම කිසිම දෙයක් කරන්නේ නෑ. මම පැහැදිලිවම කිව්වා පක්ෂයේ ඒකමතික තීරණයක් නොමැතිව මම අගමැති තනතුර හෝ වෙනත් ඉහළ තනතුරු භාර ගන්නේ නැහැ."
COMMENTS