අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගත...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග නොතකා ජනවාරි 25 වනදා ජනතා පීඩාවක් ඇතිවන අයුරින් පාගමනක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස රක්ෂිත බන්නාගාර ගත කළ බව සඳහන් වේ.
ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි වෙනත් නඩුවක් සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසිය බී වාර්තාවක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය සිදු කර තිබේ.
සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මහජන පීඩා ඇති වන පරිදි උද්ඝෝෂණ නොපවත්වන ලෙසට අධිකරණය විසින් කර ඇති නියෝග නොතකා කටයුතු කර ඇති බව ද කොටුව මහේස්ත්‍රාවරිය එහිදී පෙන්වාදී තිබේ.
COMMENTS