දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරි කියන්නේ අමුලික බොරු.. මා ශ‍්‍රීලනිපයෙන් කපා දමලා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි චෝදනාවක්..
Homeප්‍රවෘත්ති

දයාසිරි කියන්නේ අමුලික බොරු.. මා ශ‍්‍රීලනිපයෙන් කපා දමලා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි චෝදනාවක්..

PropellerAds

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකා නි...

අගමැති පාලන ක්‍රමය එයි - පාර්ලිමේන්තු කටයුතුත් සැකසෙයි
C.S.N නාලිකාවේ මුදල්, ඉඩම් රාජපක්ෂලාගේ - නිසි දඩුවම් දෙන්නැයි පුරවැසි සංවිධාන කියයි 
ශ්‍රීලනිපයෙන් මහින්දට ආරාධනාවක්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පසුගිය දිනට යෙදී තිබිණි. ඒ සඳහා මා හට ද ආරාධනා කලා යැයි පක්ෂ ලේකම් දයාසිරි, පාක්ෂිකයන් හට සහ මාධ්‍ය වෙත පවසා ඇති අතර, එය අමූලික අසත්‍යයකි.
පසුගිය පක්ෂ සම්මේලන 3 ට ම මා හට කිසිඳු නිල ආරාධනයක් නොලැබුණු බව මා සහතිකව කියමි.

පක්ෂ සාමාජිකයන් තවදුරටත් මුලා කිරීමේ අරමුණින් මොවුන් ගොතන බොරු පිලිබඳව නුවණින් විමසා බැලීම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඔබගේ වගකීමකි. සම්මේලන සඳහා පමණක් නොව මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා ද මට වසර ගණනාවකින් කිසිඳු ආරාධනාවක් ලැබුණේ නැත.

එසේ ලැබුනේ නම්, මාගේ ආදරණීය පියා බිහිකල, මව රැකගත්, මා හැදී වැඩුණු, මා හට රටට නොමැකෙන සේවයන් කිරීමට මගපෑදූ පක්ෂය වෙනුවෙන් මා ඒ සඳහා සහභා⁣ගී නෙවේ යැයි ඔබ සිතනවා ද? එසේ නම් එම ආරාධනයන් මා බාරගන්නේ එකසිතිනි. ඉදිරියටත් එය එසේමය.

පක්ෂ සභාපති සහ ලේකම් නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යය මණ්ඩලයට පවා උපදෙස් ලබා දී ඇත්තේ සංවිධානය කරන කිසිඳු පක්ෂ රැස්වීමකට හෝ උත්සවයකට මා හට ආරාධනා නොකරන ලෙසටය.

ඒ සියල්ල දෙස මා බලා සිටිනුයේ අනුකම්පාවෙන් සහ උපේක්ෂාවෙනි. පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත.

– CBK
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරි කියන්නේ අමුලික බොරු.. මා ශ‍්‍රීලනිපයෙන් කපා දමලා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි චෝදනාවක්..
දයාසිරි කියන්නේ අමුලික බොරු.. මා ශ‍්‍රීලනිපයෙන් කපා දමලා..- චන්ද‍්‍රිකාගෙන් දැඩි චෝදනාවක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtkVeW3wTfeUS22LSlLW5_5UDVUqtMCmKbBuMYf08_j6io-7a9Zqj4EJbIlmCLdCR8Igr141rj-ZqE4RWydPRonHfEoEVYyz3F9TgWlSyo09HpCkZz90RlMFh37KiGaGny9Z2ldslGdeY/s320/chandrika-kumarathunga-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtkVeW3wTfeUS22LSlLW5_5UDVUqtMCmKbBuMYf08_j6io-7a9Zqj4EJbIlmCLdCR8Igr141rj-ZqE4RWydPRonHfEoEVYyz3F9TgWlSyo09HpCkZz90RlMFh37KiGaGny9Z2ldslGdeY/s72-c/chandrika-kumarathunga-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy