ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන බවත්, මේ නිසා සියලුම බෙදීම් අවසන් කර සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආරාධනා කරන බවත් ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසී ය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට ආණ්ඩුව විවේචනය කළ හැකි වුවද, පක්ෂය හා පක්ෂ නායකත්වය විවේචනය කළ නොහැකි බව ජෝන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS