නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමගම විධායක ජනාධිපතිධූරය අහෝසි වී ස්ථාපිත වන පාර්ලිමේන්තු පාලන ක්‍රමයට ගැලපෙන ආකාරයට පාර්ලිමේන්තු ක...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමගම විධායක ජනාධිපතිධූරය අහෝසි වී ස්ථාපිත වන පාර්ලිමේන්තු පාලන ක්‍රමයට ගැලපෙන ආකාරයට පාර්ලිමේන්තු කටයුතු ද ක්‍රමානුකූලව සකස් කිරීම මේවන විට ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනා අනුව වත්මන් පාර්ලිමේන්තුවේ සිට ආරම්භ කරන වෙනස්කම් ඊලඟ පාර්ලිමේන්තුව වනවිට උපරිම තත්ත්වයකට ගෙනඒමට හැකිවෙනු ඇතැයි වාර්තා වේ.
වත්මන් පාර්ලිමේන්තුවේ අභිනවයෙන් හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කාරක සභාවත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් (කෝප්) දියුණු රටවල තත්ත්වයට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අගමැති පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ආකාරයට නව්‍යකරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු පැවසී ය.
දියුණු රටවල පාර්ලිමේන්තුවල තත්ත්වයට මෙරට පාර්ලිමේන්තුවද ගෙන ඒමේ කටයුතු ‘අගමැතිගෙන් අහන්න‘ වැඩපිළිවෙල යටතේ මන්ත්‍රීවරුන්ට සෘජුව අගමැතිගෙන් ප්‍රශ්න විමසිය හැකි අවස්ථා මේවන විටත් උදා කර ඇති බව එම ඇමැතිවරයා පැවසී ය.
COMMENTS