දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං තීරු නීතිය මෝඩ, මිනීමරු වැඩපිලිවෙලක් - බයික් සභාපති
Homeප්‍රවෘත්ති

මං තීරු නීතිය මෝඩ, මිනීමරු වැඩපිලිවෙලක් - බයික් සභාපති

PropellerAds

ස මස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය (16) වනදා සිට යතුරුපැදි හා ත්‍රීරෝද රථ බස් මංත...

තිස්ස අත්තනායකට රට යන්න අවසර
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක්
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම නව නගර ශාලාවේදී
මස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය (16) වනදා සිට යතුරුපැදි හා ත්‍රීරෝද රථ බස් මංතීරුවට සීමා කරමින් හා පසුව බස් හා ත්‍රීරෝද රථ සඳහා මංතීරු දෙකක් ලබා දෙමින්, නමුත් ඒවාට ගුවන් පාලම් භාවිතාව තහනම් කරමින්, කාර් රථ සඳහා වෙනම ප්‍රමුඛතා මංතීරුවක් ලබා දෙමින් ක්‍රියාත්මක වූ මන්තීරු නීතිය ක්‍රියාත්මක වන්නේ මෝටර් වාහන පනතේ කුමණ වගන්තියක් හරහා ද යන්නට ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නීති නිලධාරියෙකුගෙන් දුරකථනය ඔස්සේ අප සංගමය කල විමසීමක දී, ඔහු කියා සිටියේ එම කටයුත්ත මෝටර් වාහන පනතේ සඳහන් මංතීරු නීතිය නොවන බවත්, එය ක්‍රියාත්මක වන්නේ මෝටර් වාහන පනතේ වගන්ති ප්‍රකාරව නොවන බවත්, තවද එය මෝටර් වාහන පනතේ 148 වගන්තියේ සඳහන් මංතීරු නීතිය සම්බන්ධයෙන් නීතියට පටහැනි බවයි.

මෙම අදාළ කාරණාව පසුපස මොරටුව විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක් සිදු කරන බවට මාධ්‍ය හරහා වාර්තා වූ අතර, මෙවැනි මරණයක් සිදුවන ආකාරයෙ මෝඩ හා මිනීමරු වැඩපිළිවෙළකට මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධ වීම සම්බන්ධයෙන් දොස් කීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන අංශයේ ප්‍රධානියෙකු හා මහාචාර්යවරයෙකු දුරකථනය ඔස්සේ 18 වනදා (ඊයේ) මා සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ සමීක්ෂණයක් ඇත්නම් එය විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන අංශය නිල වශයෙන් සිදු නොකරන එකක් බවත්, එය යම් යම් පිරිස්වල පෞද්ගලික උවමනා මත සිදුවන දෙයක් විය හැකි බවත්, අදාළ ක්‍රමවේදය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහු සම්පුර්ණයෙන් විරුද්ධ බවයි.

විනය සෑදීමට මෙම කටයුත්ත සිදුකරන බවට ඵළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය වන්නේ එම කටයුත්ත තුලින් මිනිස් ජීවිත අවදානමකට ලක් කරන නිසා පමණක් නොව, තදබදය අවම කිරීමට ඇති මංතීරු නීතියට මෙම ක්‍රමවේද පටහැනි නිසා ය.

පසුගිය 17 වනදා පොලිසිය දැනුම් දී තිබුණේ 18 වනදා සිට යතුරුපැදිකරුවන්ට මංතීරු දෙකක් ලබාදෙන බවයි. නමුත් රාජගිරියේ හරහා මා ඊයේ (18) උදෑසන යතුරුපැදියෙන් ගමන්ගත් අවස්ථාවේ නිරීක්ෂණය කරන ලද්දේ අදාළ මංතීරු දෙකක් ලබාදී තිබුණ ද, රාජගිරිය ගුවන් පාලම අසලදී ගුවන් පාලම යතුරුපැදි හා ත්‍රීරෝද රථවලට තහනම් කර යතුරුපැදි, ත්‍රීරෝද රථ හා බස් රථ නැවත එක් මංතීරුවකට එක් කල බවයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය. එසේ කිරීමෙන් පසු තමන් ගමන් කල යුතු අදාළ මංතීරුව වෙත නැවත යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගැනීමට උත්සාහ කිරීමෙන් ද තදබදය අධික ලෙස වැඩි විය. Google සමාගමේ රාජගිරිය ප්‍රදේශයේ තදබදය සම්බන්ධයෙන් දත්ත ඒය වාර්තා වූයේ අසාමාන්‍ය ලෙස අධික රථවාහන තදබදයක් ලෙසයි.

මේ අනුව අපට පෙනීයන්නේ මෙම ප්‍රෝඩාකරි හා නීති විරෝධී මංතීරු නීතියක් ක්‍රියාත්මක කිරීම පසුපස,

1. රටතුල කෘත්‍රිම ලෙස තදබදය වැඩි කිරීමේ
2. පොදු ප්‍රවාහනය තවදුරටත් මන්දගාමී කිරීමෙන් ජනතාව පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය වෙත තල්ලු කිරීමේ.
3. යතුරුපැදි හා ත්‍රීරෝද රථවලට වෙනස් කොට පීඩා කිරීමෙන් (discrimination), යතුරුපැදි වෙනුවට යතුරුපැදි හා ත්‍රීරෝද රථ වලට ලඟින් ඇති මිල ගණන්වලට ඇති කුඩා කාර් රථ වාගේ රෝද හතරේ වාහන භාවිතාව ප්‍රවර්ධනය කිරීමේ
4. ත්‍රීරෝද රථ හා යතුරුපැදි වෙනුවට රට තුල රෝද හතරේ කුඩා වාහන ප්‍රවර්ධනය කර ඒ හරහා දැනට රටේ ඇතිව තිබෙන තදබදය හතර හෝ පස් ගුණයකින් වැඩි කිරීමේ කූට වැඩ පිළිවෙළක් තිබෙනා බව ය.

මෙම කටයුත්ත පසුපස මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක හා රජයේ මාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නිලධාරීන් කීප දෙනෙකු රුපියල් බිලියන ගණනාවක් වූ පෞද්ගලික කොමිස් ප්‍රතිලාභ සඳහා මෙම සිදුවීම පසුපස කූට ලෙස සම්බන්ධව සිටින බවත්, ඔවුන් තම තනතුරු අවභාවිතා කරමින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට වැරදි සංකල්ප ඇතුලත් කරන බවත්, මහාමාර්ග පද්ධතිය තුලින් බලපෑමක් ඇති කිරීමේ මුල් මෙහෙයුම වී ඇත්තේ පසුගිය රජය සමයේ දෙහිවල ගුවන්පාලම මතින් යතුරුපැදි ධාවනය සීමා කිරීම බවද අපට තොරතුරු වාර්තා වේ. ඔවුන්ගේ සැලස්මේ කොටසක් ලෙස යතුරුපැදි භාවිතාව අධෛර්යමත් කිරීමේ අරමුණෙන් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමේ වැඩ පිළිවෙළ ද ඔවුන්ගේ මුල් කොටසක් වී තිබී ඇත.

මෙම වැඩ පිළිවෙළ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ MCC ගිවිසුම හා අනෙකුත් ණය හා ආධාර තමන්ට පෞද්ගලික ප්‍රතිලාභ ලැබෙනා ප්‍රවාහන ව්‍යාපෘති වෙත යොමු කර වීමට ජනතාවට හරහා රජයට බලපෑමක් ඇති කිරීමයි.

2014 වසරේ දෙසැම්බර් මස රිය අනතුරු හා තදබදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගත කෙරූ වාර්තාවට අනුව, පැහැදිලි වන්නේ ඒවන විට රටේ පවතින රිය අනතුරු හා තදබදයට මූලික හේතුව වන්නේ 2014 වන විට රටේ මාර්ගවලට දරාගත හැකි ධාරීතාවට වඩා 400% කින් පමණ වැඩියෙන් මෝටර් වාහන මාර්ගවලට ඇතුලත් කෙරෙන බවයි. වාහන ගහනය සම්බන්ධයෙන් එදාට වඩා බරපතළ තත්ත්වයක් ඇතිව ඇති තත්ත්වයක දී යම් මෝටර් වාහන පංතියකට පමණක් මංතීරුවක් වෙන් කිරීමෙන් හෝ ප්‍රමුඛතාව දීමෙන් සමස්ත රථවාහන තදබදය ඉහළ යෑම වැළැක්වීමට කිසිවකුට හැකියාවක් නොමැත.

අප විශ්වාස කරන්නේ බිලියන ගණනාවක් මූල්‍යමය ප්‍රතිලාභ සඳහා සිදුවන මෙම සංවිධානාත්මක වැඩ පිළිවෙළෙහි කොටස් කරුවන් ලෙස ඇතැම් මාධ්‍ය ආයතන ද පත්වීම කනගාටුවට කරුණකි.

තවද, අදාළ සංවිධානාත්මක වැඩපිළිවෙළ රටේ විධායක ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු මූල්‍යමය වශයෙන් ආක්‍රමණය කිරීමට සමත්ව තිබේ නම් ඉදිරියේ දී

a) යතුරුපැදි හා ත්‍රීරෝද රථ ආනයන තහනම දිගටම පවත්වාගෙන යමින්, මොටර් කාර් රථ සඳහා ආනයන තහනම ලිහිල් වීම

b) යතුරුපැදි ගුවන් පාලම් මත තහනම් කිරීම නීති හෝ නියෝග ඉදිරිපත් වීම

c) යතුරුපැදිකරුවන් මංතීරුවකට සීමා කරමින් නීති හෝ නියෝග සකස් වීම

d) ටැක්සි කාර් රථ ප්‍රවර්ධනය කරමින් ත්‍රීරෝද රථ භාවිතාව අධෛර්යමත් කිරීමට ත්‍රීරෝද රථ බස් මංතීරුවට සීමා කරමින් නීති හෝ නියෝග සකස් වීම.

e) කොළඹ නගරය තුලට යතුරුපැදි සහ හෝ ත්‍රීරෝද රථ ඇතුළු කිරීම සීමා කරමින් නීති හෝ නියෝග සකස් වීම

f) එමෙන්ම රථවාහන තදබදය සම්බන්ධයෙන් සම්පුර්ණ ගැටලුවේ මූලික කාරණාව වන පොදු ප්‍රවාහන සේවයේ කඩා වැටීම නිවැරදි කිරීමට නවීන බස් රථ ගෙන ඒම ප්‍රමාද කිරීම

අදාළ සංවිධානත්මක වැඩපිළිවෙළ රටේ විධායක ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු මූල්‍යමය වශයෙන් ආක්‍රමණය කිරීමට සමත්ව නොතිබේ නම් ඉදිරියේ දී

A. යතුරුපැදි හා ත්‍රීරෝද රථ ආනයන තහනම ලිහිල් කරමින්, මොටර් කාර් රථ සඳහා ආනයන තහනම දිගටම පවත්වාගෙන යෑම හෝ තහනම සමාන ලෙස ලිහිල් වීම.

B. යතුරුපැදි ගුවන් පාලම් මත තහනම් කිරීම නීති හෝ නියෝග ඉදිරිපත් නොවීම

C. යතුරුපැදිකරුවන් මංතීරුවකට සීමා කරමින් නීති හෝ නියෝග සකස් නොවීම

D. ටැක්සි කාර් රථ ප්‍රවර්ධනය කිරීමට ත්‍රීරෝද රථ බස් මංතීරුවට සීමා කරමින් නීති සකස් නොවීම

E. කොළඹ නගරය තුලට යතුරුපැදි සහ හෝ ත්‍රීරෝද රථ ඇතුළු කිරීම සීමා කරමින් නීති සකස් නොවීම

F. එමෙන්ම රථවාහන තදබදය සම්බන්ධයෙන් සම්පුර්ණ ගැටලුවේ මූලික කාරණාව වන පොදු ප්‍රවාහන සේවයේ කඩා වැටීම නිවැරදි කිරීමට නවීන බස් රථ ගෙන ඒම විදිමත් කිරීම

යන්නට අපි මින් ප්‍රකාශ කර සිටිමු.

පසුගිය 16 වනදා සිට ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම රජයේ පූර්ණ වගකීමක් බව අපි තවදුරටත් ප්‍රකාශ කර සිටිමු.

අප දන්නා තරමින් ශ්‍රී ලංකා පොලිසියේ තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරීන් කිසිවකුට රථවාහන හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිලිගත හැකි අධ්‍යාපන සුදුසුකම් නොමැති බැවින්, මහජනතාවට පීඩාවක් නොවන හා මහජනතාවගේ ජීවත අවධානමකට ලක් නොවන ආකාරයෙන් ජනාධිපතිවරයාගේ දැක්ම නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට, රථවාහන තදබදය කළමනාකරණය කිරීමට හා රියදුරන්ට විනය සම්බන්ධයෙන් නිර්ණායක ඇති කිරීමට ප්‍රවාහන හා මගී සංගම්/සංවිධාන එක්කර, ජනාධිපති කාර්යසාධක බලකායක් ඇති කිරීම ජනාධිපතිවරයාගේ ඍජු වගකීමක් බවද අපි මින් පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ,
සභාපති – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං තීරු නීතිය මෝඩ, මිනීමරු වැඩපිලිවෙලක් - බයික් සභාපති
මං තීරු නීතිය මෝඩ, මිනීමරු වැඩපිලිවෙලක් - බයික් සභාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-A3x5PvEfR3osoL8dj_brUM7WrYqQogJHgzbeedV29hdyC8V1tyfRN2rC9wdaYUd_f5y8nP8QniDxv54as5q3JIhL6c8WWbvgo0g7Jt7yHkSBlzz3QhS1p9QjamI4rwqmmCYvWYtes6I/s320/2546.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-A3x5PvEfR3osoL8dj_brUM7WrYqQogJHgzbeedV29hdyC8V1tyfRN2rC9wdaYUd_f5y8nP8QniDxv54as5q3JIhL6c8WWbvgo0g7Jt7yHkSBlzz3QhS1p9QjamI4rwqmmCYvWYtes6I/s72-c/2546.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_336.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_336.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy