වේලුපිල්ලේ ප්‍රභාකරන් සිටියදීද කරගැනීමට නොහැකි වූ දේ විසිවෙනි සංශෝධනය හරහා කර ගැනීමට අවස්ථාව හිමිවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය...
වේලුපිල්ලේ ප්‍රභාකරන් සිටියදීද කරගැනීමට නොහැකි වූ දේ විසිවෙනි සංශෝධනය හරහා කර ගැනීමට අවස්ථාව හිමිවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
විසිවන සංශෝධනය සම්මත වූ පසු ද්විත්ව පුරවැසියන්ට කිසිදු ප්‍රශ්නයකින් තොරව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වන බවද උන්වහන්සේ පැවසූහ.
එම අවසරයෙන් දෙමළ කොටි ඩයස්පෝරාව ඇතුළු ඕනෑම ඕනෑම ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.
කිසිවකු විසින් හෝ පෙර ගමන යලි යාමට සූදානම් වන්නේ නම් එය ඓතිහාසිකව සිදුකරගන්නා වරදක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.
විසිවෙනි සංහෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පළ කලහ.
COMMENTS